ස්ත්‍රියකගේ වාසනාව පෙන්වන සත්වැන්න

අප්‍රේල් 26, 2019

තමා විසින් තම සහකාරිය ලෙස තෝරාගනු ලබන ස්ත්‍රිය තමාගේ දියුණුවට ඉවහල් වී වාසනාව උරුමකර දෙන උතුම් භාර්යාවක් ද නැතහොත් දිනෙන් දින පරිහානිය ඇති කරන්නාවූ විනාශය ළඟා කරන්නාවූත් භාර්යාවක්ද යන වග කල්තියා දැනගත හැකි වන්නාවූ ස්වාමියාට විවාහයෙන් පසු අත්වන ඉරණම ගැන වැඩිවශයෙන් කියාපාන්නාවූත් ස්ත්‍රී හඳහනක් හත්වන රාශිය පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් තමන් තෝරාගනු ලබන භාර්යාව තමාගේම වාසනාව ගෙන දෙන තැනැත්තිය ද යන්න විමසා බැලිය හැකි අතර පෙර පින් බලයෙන් ඉතා ධනවත්ව සුර සැප ලබමින් උසස් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබීම කෙරෙහි ද ස්ත්‍රී ජන්ම පත්‍රයෙහි සත්වැන්නෙහි පිහිටි ග්‍රහ යෙදුම් ඉවහල් වනු ඇත.

යම් කිසි ස්ත්‍රියක් උත්පත්තිය ලබද්දී බ්‍රහස්පතිට හිමි වූ මීන ලග්නයෙන් උත්පත්තිය ලබා බුධ ග්‍රහයා සත්වැන්නෙන් උච්චව තැන්පත්ව සිටි විට අඟහරු ග්‍රහයා ද උච්ච ව සිටියේ ද එනම් එකළොස්වන රාශියෙහි තැන්පත් වීද පස්වැන්නේ සඳු ස්වක්ෂේත්‍රව තැන්පත්ව සිටියේද එලෙස උපදින්නාවු ස්ත්‍රිය අන් අයගේ සිත් ඇද බැඳගන්නා රූපයෙන් යුක්තවුද ධන ධාන්‍ය ලබන යම්කිසි ප්‍රධානියකුගේ භාර්යාවක් බවට පත්වීමට වරම් ලබන සුපිරි ජීවිතයක් ගත කිරීමට වාසනාව උපතින්ම රැගෙන එන කාන්තාවක් වනු ඇත.

කන්‍යා ලග්නයෙන් උත්පත්තිය ලබා බුධ ග්‍රහයා ලග්න ගතවත් බ්‍රහස්පති සත්වැන්නෙන් භාග්‍යය ස්ථානයේ සිකුරුත් එකොළොස්වැන්නේ සඳුත් තැන්පත්ව උත්පත්තිය ලබන්න වුත් ස්ත්‍රිය අන් අයගේ ගෞරවයට පත්වන සැප සම්පත් ලබන රාජ්‍ය ප්‍රධානියකුගේ භාර්යාවක් වීමට වරම් ලබන්නියක් වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂ ශාස්ත්‍රශූරී මෙලාන් වික්‍රමසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.