ඉඩම් සහ නිවාස හිමිවන ග්‍රහ පිහිටීම්

අප්‍රේල් 26, 2019

ජීවිතය හා සම්බන්ධ සිහින හෝ අපේක්ෂාවන් අතුරින් තමාගේම නිවසක් සහ ඉඩමක් හිමිකර ගැනීමට ප්‍රධාන තැනක් හිමිවේ. බොහෝවිට විවාහ ජීවිතයට පිවිසීමෙන් අනතුරුව සෑම පුද්ගලයකුගේම නැත්නම් පවුලකම ඒකායන අරමුණ වන්නේ තමාගේම කියා නිවසක් සාදාගෙන සැනසිලිදායක හා පී‍්‍රතිමත් ජීවිතයක් ගත කිරීමයි.

එහෙත් බොහෝ දෙනෙකුට තමන් බලාපොරොත්තුවන අයුරින් ඉඩමක් සහ නිවසක් හිමිකරගත හැකිද? යන්න ප්‍රශ්නයකි. ලැබෙන නිවාස හා දේපළවල විවිධ වෙනස්කම් පවතින අතර දැකිය හැක්කේ දැඩි සංකිර් ණතාවයකි. සමහර අය හට තමාගේ මාපියන්ගේ දේපළ හිමිවන අතර තවත් සමහර අයට විවාහයට දෑවැද්දක් ලෙස ඉඩම් සහ නිවාස හිමිවේ. බොහෝ දෙනෙක් බැංකුවලින් ණය මුදල් ලබාගෙන නිවෙස් ඉදිකරගනී. මෙම වෙනස්කම් සියල්ලම පාහේ එක් එක් පුද්ගලයන්ගේ ජන්ම පත්‍රවල ලියවී ඇතිබව වෛදික ඡ්‍යොතිෂයෙන් පෙන්වාදෙයි. විශේෂයෙන් බෘහත් පරාසර හෝරා සාස්ත්‍ර ග්‍රන්ථයෙහි මෙම නිවාස හා දේපළ පිළිබඳව විස්තරාත්මකව කරුනු දක්වා ඇත. ජන්ම පත්‍රයක් තුළින් කිසියම් ජන්මියකුට නිවාස සහ දේපළ වල ලැබීම් පිළිබඳව කරුණු පරීක්ෂා කිරීමේ දී පහත පහත සඳහන් ග්‍රහයන් සහ එම ග්‍රහයන්ගේ කාර්යභාරය සැලකිල්ලට ගත යුතු වේ.

කුජ ග්‍රහයා - ඡ්‍යොතිෂයට අනුව ඉඩම් සඳහා වන නෛසර්ගික කාරක ග්‍රහයාවේ.

ශනි ග්‍රහයා - ඡ්‍යොතිෂයට අනුව දේපළ සහ ඉඩම්වලට දෙවන කාරක ග්‍රහයා වේ.

සිකුරු ග්‍රහයා - ලැබෙන නිවසේ දර්ශනීය බව සහ සැප පහසුකම්වලට අදාළ කාරක ග්‍රහයා වේ.

කුජ ශනි - මෙම ග්‍රහයන් සංයෝගව පිහිටි විට නිවසක් හා ඉඩමක් ලැබෙන නමුත් ඒවා බොහෝ දුරට අසම්පූර්ණ හෝ අඩක් නිමකළ ඒවා විය හැකි ය.

ගුරුග්‍රහයා - අංග සම්පූර්ණ නිවාස හා දේපළ සඳහා කාරක ග්‍රහයා වේ.

ඡ්‍යොතිෂවේදී ටී.එම්. කුලරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.