කේන්ද්‍රයෙන් පෙන්වන විදෙස් ගමන්

අප්‍රේල් 26, 2019

විවෘත ආර්ථික ජීවන රටාව තුළ මිනිසා විවිධ අරමුණු සඳහා විදෙස් සංචාරවල යෙදෙයි. බොහෝ දෙනා ගමන් බිමන්වල යෙදෙනුයේ ඵලදායී කාර්යයන් ඉටු කර ගැනීමේ චේතනාවෙනි.

විනෝදය, විවේකය, අධ්‍යාපනය, ආගමික කටයුතු රැකියා හා වෙළෙඳ කටයුතු ආදී කාර්යයන් සඳහා කෙටිකාලීන මෙන්ම දිගු කාලීනව සංචාරයන්හි යෙදෙන අවස්ථා දක්නට ලැබේ. මූල්‍යමය ශක්තිය ගොඩනගා ගැනීම පිණිස මිනිසුන් විවිධ ක්‍රම භාවිතා කරති විදේශ ගත වීමද ඉන් එක් ක්‍රමයකි. ඇතැම් පිරිස් රැකියා සඳහා මැදපෙරදිග සහ යුරෝපා රටවල යාමේ ප්‍රවනතාවට වැඩි වෙමින් පවතී.

විදේශ ගමන් අතරින් විශේෂයෙන් රැකියා සඳහා පිටරට යන ඇතැම් අයට අනපේක්ෂිත කරදර බාධකයන්ට මුහුණ දෙන්නට සිදුවන අවස්ථා දක්නට ලැබේ. මේ අතර අපේක්ෂිත අරමුණු ඉටු නොවී සියරට පැමිණෙන අයද සිටිති විදේශ රටකට යාම මානසික සතුටක් වුවද මැද පෙරදිග රටවල රැකියා වලට යාම ලෞකික ජීවිතයේ නොයෙකුත් අඩුපාඩුකම් සම්පූර්ණ කර ගැනීමේ අරමුණමත ක්‍රියාත්මක වන අතර එම ගමන් තරමක සංවේදී මෙන්ම අභියෝගාත්මක වේ.

මේ අතර ශ්‍රී ලංකාව වැනි අඩු ආදායම් ලබන රටවල ජීවත්වන උගත් බුද්ධිමතුන් තාක්ෂණ ශිල්පීන් විශේෂඥ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් තමාගේ උගත්කම් දක්ෂතාවලට සරිලන වැටුපක් ලබාගැනීමේ අරමුණින් විදේශගත වෙයි. මේ අතර තවත් පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගත වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදී, තුෂාරා වික්‍රමසිංහ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.