පංච ග්‍රහ යෝග

ජුනි 7, 2019
කේන්දරයක එක රාශියක් තුළ ග්‍රහයන් පස් දෙනෙකු සිටීම පංච ග්‍රහ යෝග වශයෙන් හඳුන්වයි. මෙම යෝග පිළිබඳව විමසා බලමු. 
රවි සඳු කුජ බුධ ගුරු යෝගය 
මෙම යෝගයෙන් උපන් තැනැත්තා දර්ශන ශාස්ත්‍රයන්හි නිපුණ අය වේ. විවාහ ජීවිතයට ඇතුළත් නොවේ. දුක් විඳින ජීවිතයක් ගත කරයි. ධන ධාන්‍ය රැස් කිරීමක් නොකරයි. ගේ දොර ඉඩකඩම් පාලනය කරන්නේ නැත. ඔවුන්ගේ ගති ලක්ෂණ මේවාය.
රවි සඳු කුජ බුධ සිකුරු 
මෙම යෝගයෙන් උපන් අය නෑදෑයන්ගෙන් වෙන්වී පරාර්ථචර්යාවේ යෙදුණි. ස්ත්‍රීන් ඇසුර නොකරන නපුංශකයන් සමඟ ඇසුරු කරන පුද්ගලයන්ය. යෝගය නරකට පිහිටියහොත් මුසාවාද කියන්නන් ලෙස ප්‍රසිද්ධ වේ. 
රවි සඳු කුජ බුධ ශනි යෝගය 
 මෙම යෝගයෙන් උපන් අය භාර්යාවන්ගෙන් දරුවන්ගෙන් තොර සැප සම්පත් නොලබන දුකයයි සම්මත දේ විඳින අය වේ. දුක් විඳීම නිසා වැඩි කලක් ජීවත් නොවේ. රටේ නීති කඩකිරීමෙන් බන්ධනාගාර ගත වේ. 
රවි සඳු කුජ ගුරු සිකුරු යෝගය 
මෙම යෝගයෙන් උපන් අය බොහෝවිට අන්ධ වේ. දැඩි ලෙස දුක් විඳින්නන් වේ. දෙමාපිය නෑදෑයන්ගෙන් වෙන් වේ. වීනා වයමින් රට පුරා ඇවිදිමින් ජීවත්වන්නන් වේ. 
රවි සඳු , කුජ සිකුරු ශනි 
මෙම යෝගයෙන් උපන් අය මෙම ලෝකයේ ඇති කිසිම දෙයක් තමාට එපා කියයි. අනුන්ගේ දේවල් ඇල්ලීමට පවා මැලිවේ. එම ප්‍රතිපත්ති අකුරටම ක්‍රියාත්මක කරයි. එයට විරුද්ධ වූ අයට ද්‍රෝහිකම් කරයි. 
රවි සඳු කුජ සිකුරු ශනි යෝගය 
මේ පංච ග්‍රහ යෝගය ඇතිව උපන් තැනැත්තා නියාලු පුද්ගලයෙකි. නම්බුවක් මාන්නයක් ධනයක් නැති පර ස්ත්‍රීන් පස්සේ යන කෙනෙකි. යෝගය බලවත්වන්නේ කලාතුරකිනි. 
රවි සඳු බුධ ගුරු සිකුරු යෝගය 
පංච ග්‍රහ යෝග අතරින් ලෞකික වශයෙන් පල දිය හැක්කේ මෙම යෝගයෙන් උපන් අයටය. මෙහි ඇති සියලු ග්‍රහයන් එක්වී රවිගේ බලය ලබාගනී. එබැවින් නොමග යවන හෝ කලකිරවන ග්‍රහයෙක් නැත. මේ යෝගයෙන් උපන් අය බොහෝ වස්තුව ඇති විශාල ව්‍යාපාරවල හෝ කර්මාන්තශාලාවල අයිතිය ඇති ධනවන්තයෝ වේ. සෑම දෙයින්ම සම්පූර්ණ අය වේ. වටිනා යාන වාහන, ගෙවල් විශාල ඉඩම් හිමිකරුවෝ වෙයි. රජයේ උසස් නිලතල දරන අය මැති ඇමැතිවරු මේ ගණයට අයත් වේ. 
රවි සඳු බුධ ගුරු ශනි යෝගය 
මෙම යෝගයේ සියල්ල සෙනසුරු වෙනස් කරයි. අන් අයගෙන් ලබන ආහාරපානවලින් ජීවත්වන්නෙක් වෙයි.තම පිරිසට දුක් උපදින අන්දමේ ජීවිතයක් ගත කරන්නෙක් වෙයි. අන් අයට භය උපදවන අන්දමේ ජීවත්වන්නෙක් වේ. 
රවි චන්ද්‍ර සඳු බුධ සිකුරු 
ශනි යෝගය 
මෙම යෝගයෙන් උපන් අය ධන ධාන්‍ය ආදියෙන්ද දරුවන් සහ නෑදෑයන්ගෙන්ද වෙන්වූ ඔවුන්ගෙන් සැප නොලබන ඉක්මනින් මැරේවා කියා ප්‍රාර්ථනා කරන ජීවිතයක් ගත කරන්නෙකි. රෝම වැඩි උස්වූ ශරීරයක් ඇති කෙනෙක් වීමට පුළුවන. 
රවි සඳු ගුරු සිකුරු 
සෙනසුරු යෝගය 
මෙම පංච ග්‍රහයෝගයෙන් උපන් අය මන්ත්‍ර ශාස්ත්‍ර ඉන්ද්‍රජාල අංජනම් වැනි දේ දන්නා කථාවට දක්ෂ චංචල සිතක් ඇති සොර සතුරන්ට නිතර භයෙන් කාලය ගෙවන ස්ත්‍රීන් පි‍්‍රය කරන කෙනෙකි. 
රවි කුජ බුධ ගුරු සිකුරු යෝගය 
 මෙම යෝගයද මෙලොව වශයෙන් බලපවත්වන එකකි. බොහෝ සමෘද්ධිමත් සමාධිමත් වස්තු ඇත්තාවූ සියලු සැප සම්පත් ලබන දුක් කරදර නැති කෙනෙකි. වටිනා භාර්යාවක් සහ දූපුතුන් පිරිසක් ඇත්තෙකි. රජයෙන් තනතුරු ගරු බුහුමන් ලබන්නෙති. සේනාපතියෙක් හෝ මන්ත්‍රීවරයෙක් විය හැකිය. 
රවි කුජ බුධ ගුරු ශනි යෝගය 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
ඡ්‍යොතිෂවේදී 
වාස්තු විද්‍යා උපදේශක, 
යාන්ත්‍රික ඉංජිනේරු 
නිශාන්ත විජේසේන 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.