කාන්තා පිරිත් කණ්ඩායමක්

ජුනි 14, 2019

මෙතෙක් කල් අඩුපාඩුවක්ව පැවැති කාන්ති ගිහි පිරිත් කණ්ඩායමක් බිහිකිරීමට රාජාංගණය කළුන්දෑගම සේනානි වැඩිහිටි සමිතිය සමත් විය. මෙම ගිහි කාන්තා පිරිත් කණ්ඩායම් දොරට වැඩුම පසුගිය 30 දා රාත්‍රියේදි රාජාංගණය කළුන්දෑගම සංස්කෘතික මධ්‍යස්ථානයේදී සිදුවිය. උතුරුමැද පළාත තුළ මේ දක්වා පිරිමි පුද්ගලයින් විසින් පමණක් ගිහි පිරිත් කණ්ඩායම් යොදාගෙන පිරිත් සජ්ඣායනය සිදු වී තිබුණද කාන්තා ගිහි පිරිත් කණ්ඩායමක් බිහිවී නොතිබීම දැඩි අඩුපාඩුවක් විය. සේනානි වැඩිහිටි සමිතියේ සභාපති එන්.ඒ.සේනාරත්න හා ලේකම් ආර්.එම්.කේ. උපසේන යන මහත්වරුන් විසින් මෙම කණ්ඩායම පුහුණු කර තිබේ. කළුන්දෑගම ශ්‍රී සුදර්ශනාරාමාධිපති කම්මට්ඨානාචාර්ය අත්තරගල්ලේ අනුරුද්ධ හිමියන් විසින් අනුශාසනාවක් පැවැත්වීමෙන් පසු 30 දා රාත්‍රී 9 ට පිරිත් ආරම්භ වු අතර එය පසුදා උදෑසන දක්වා සාර්ථකව පැවැත්විණි.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.