නිතර ඇසීමට ලැබෙන සූර්ය ග්‍රහණයේ හා චන්ද්‍රග්‍රහණයේ වත ගොත

ජුනි 21, 2019

සූර්ය ග්‍රහණය අමාවක දිනයක සිදුවන අතර චන්ද්‍ර ග්‍රහණය සිදු වනුයේ පුර පසළොස්වක දිනකය. නමුත් සෑම අමාවක දිනයකම සූර්ය ග්‍රහණයක් සිදු නොවන බවත්, සෑම පුරපසළොස්වක දිනකම චන්ද්‍ර ග්‍රහණයක් සිදු නොවන බවත් දත යුතුය.

අප ජීවත් වන පෘථිවිය පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ බොහෝ ආකාශ වස්තූන් ඇත. ඒවා අතර ග්‍රහලෝක, උප ග්‍රහලෝක. ග්‍රාහක, තාරකා ,ධූම කේතු, උල්කාපාත, ප්‍රධාන තැනක් ගනී. මෙම ග්‍රහවස්තූන් සියල්ල සූර්ය වටා ඉලිප්සාකාරව ගමන් ගැනීමද විමතියට කරුණකි. එසේ වී ඇත්තේ සූර්යයාගේ ගුරුත්වය හේතුවෙනි. පෘථිවිය ඇතුළු ග්‍රහලෝක සියල්ලද සූර්යා වටා භ්‍රමණය වේ. එහිදී සූර්යාට ඉතා ආසන්නයේ බුධ ග්‍රහයා භ්‍රමණය වන අතර සිකුරු, පෘථීවි, අඟහරු, බ්‍රහස්පති , සෙනසුරු, යුරේනස්, නැප්චූන් හා ප්ලූටෝ පිළිවෙලින් සූර්යාගෙන් ඈත් වෙමින් භ්‍රමණය වේ.

සෞරග්‍රහ මණ්ඩලයට සූර්යයන් ඇත්තේ එකක් වුවද චන්ද්‍රයන් ග්‍රහයින්ගේ උප ග්‍රහයන් ලෙස 165 ක් පමණ හඳුනාගෙන ඇත. පෘථිවිය සූර්යා වටා භ්‍රමණය වන නමුත් සූර්යා කිසිවිට පෘථිවිය වටා භ්‍රමණය නොවේ. නමුත් සාමාන්‍යයෙන් බලන අයෙකුට පෙනෙනුයේ සූර්යා පෘථිවිය වටා භ්‍රමණය වන බවයි. මෙය සූර්යාගේ දෘෂ්‍ය ගමන ලෙස හඳුන්වයි.

විශ්වයේ සිදුවන විවිධාකාර හේතු නිසා ග්‍රහණ ඇතිවීම සිදුවේ.ඒ අතර සූර්යග්‍රහණ එහි වෙසෙන ජීවින්ට ඍජු මෙන්ම වක්‍ර ශුභ අශුභ ඵල ගෙන දීම විශේෂ වේ. මෙහිදී බහුලව සිදුවන්නේ කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ය.

සාමාන්‍ය ජනයා ව්‍යවහාරයේදි ඉර රාහු ඇල්ලීම එසේත් නැත්නම් ඉර කේතු ඇල්ලීම සූර්ය ග්‍රහණය නම් වන අතර සඳු රාහු ඇල්ලීම, සඳු කේතු ඇල්ලීම චන්ද්‍රග්‍රහණය නම් වේ. සූර්ය ග්‍රහණය අමාවක දිනයක සිදුවන අතර චන්ද්‍ර ග්‍රහණය සිදු වනුයේ පුර පසළොස්වක දිනකය. නමුත් සෑම අමාවක දිනයකම සූර්ය ග්‍රහණයක් සිදු නොවන බවත්, සෑම පුරපසළොස්වක දිනකම චන්ද්‍ර ග්‍රහණයක් සිදු නොවන බවත් දත යුතුය.

පුර පසළොස්වක පොහෝ දිනක සූර්යා පෘථිවිය හා චන්ද්‍රයා එකම සරල රේඛාවක පිහිටීම නිසා පෘථිවියේ සෙවනැල්ල වැටී සඳ නොපෙනී යාම චන්ද්‍ර ග්‍රහණය වේ. චන්ද්‍ර ග්‍රහණ වර්ග තුනකි. ඒ පූර්ණ චන්ද්‍ර ග්‍රහණය, අර්ධ චන්ද්‍ර ග්‍රහණය හා වලයාකාර චන්ද්‍රග්‍රහණය ලෙසය. චන්ද්‍රයා පෘථිවියට වඩා 1/4ක් කුඩා බැවින් රාත්‍රී කාලයේදි පෘථිවියේ ඕනෑම තැනක චන්ද්‍රග්‍රහණයක් දැක ගත හැකිය.

අමාවක දිනක ඇතිවන සුර්ය ග්‍රහණය පූර්ණ සූර්ය ග්‍රහණය හා අර්ධ සූර්ය ග්‍රහණය ලෙස ආකාර දෙකකි. පූර්ණ සූර්ය ග්‍රහණයේදි සූර්යා චන්ද්‍රයා හා පෘථිවිය එකම සරල රේඛාවක පිහිටයි. නමුත් අර්ධ සූර්ය ග්‍රහණයේදි සූර්යා, චන්ද්‍රයා හා පෘථිවිය එකම සරල රේඛාවක නොපිහිටන අතර සරල රේඛාවට ආසන්නව පිහිටයි. එහිදී සිදුවන්නේ සූර්යයාගේ යම් ප්‍රමාණයක් චන්ද්‍රයාගෙන් වැසී යාමයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනී,දේශබන්ධු. ආචාර්ය

මංජුලා පුෂ්පරංගනී

පල්ලෙබැද්ද

පානදුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.