විස්මිත නැකතක මහිමය සුමනසාර නාහිමියන් සෑදූ මහඟු නැකැත

ජුනි 21, 2019

පෙදෙසම ගිඟුම් දෙමින් පැවති තූර්යයවාදනය හා බෙරහඬ මධ්‍යයේම පැයක් පමණ කාලයක් තිස්සේ පැවැති මෙම අමුතු මහා පුණ්‍ය කර්මයක් නිමවෙනවාත් සමඟම අහසේ කීප පොළකින්ම ගිගුරුම් හඬ නැඟෙද්දී සියල්ලෝම සාධුකාර දුන්හ.

තම නායක හාමුදුරුවන් පණමෙන් ආරක්ෂාකර තමනට ඡ්‍යොතිෂය ඉගැන්වූ පැරැණි පුස්කොළ පොත සුරැකිව ආරක්ෂාර තිබුණු හෙයින් පූජ්‍ය නාරන්විට සුමනසාර හිමියන්ට තම සිතේ ඇති වූ මනදොළ සපුරනු පිණිස මහාචේතිය පිළිසකර කිරීමට සුදුසු වූ මහඟු නැකැතක් සාදා ගැනීමට ඉඩකඩ සැලසුනේ ය.

තම ජාතියත් බුද්ධ ශාසනයත් තුළ යළිත් ජාතිකානුරාගය හා ශාසනාලය ඇති කරවීමේ පරම පවිත්‍රචේතනාව ඇතිව තමන් වහන්සේ විසින් ප්‍රථමයෙන්ම ගුරු හිමියනට පින් පෙත් පමුණුවා “මම කෙසේ හෝ මෙම මහානීය කුසලකර්මය ඉටුකිරීමට මුල් වන්නෙම්” යැයි තම පන්සලේ දී අධිෂ්ඨාන කර ගත්තායින් පසුව ගුරු හිමියන්ගේ මෙන්ම දුටුගැමුණු මහාරාජෝත්තමයාණන්ගේ දිව්‍ය ආත්මයෙන්ද තමනට ආශිර්වාදය පිරිනැමුණු බව නාහිමියන් සිතට ගත්තේ මෙම කාර්යය ආරම්භ කළ දින සිටම පහළ වූ සාර්ථකත්වය දෙස බැලීමෙනි.

නාහිමියන්ගේ සිතේ පමණක් ද නොව මේ ටිකටම එහි පැමිණ වන්දනාකරුවන්ගේ ද, ආධාර උපකාරයට පැමිණිනේක විධ වැදගතුන්ගේද අදහස වූයේ ද මෙම කාර්යයේ දැනුදු පෙනෙන සාර්ථකත්වයට එම සුවිශේෂ නැකතද බලපෑ බවයි.

කරුණු මෙසේ හෙයින් එහි කටයුතු සොයා බඩු බාහිරාදිය වලින්ද මුදලින්ද මෙහි කටයුතුවල යෙදෙන නාහිමියන්ගේ දායක තරුණයන් විසි දෙනාට අමතරව ස්වෝත්සාහයෙන් එම කාර්යයට කැපවන්නටද තරුණ පිරිස් කලකට වශයෙන් වුවද එක් වෙද්දී එයද මෙහි සාර්ථකත්වයේ ඵලයක් ලෙස තනන්නටද නායක මාහිමියෝ පසුබට නොවූහ.

පිටරටින් ගෙන්වන ලද සිමෙන්ති ලේගරය (පීප්ප) ගණනාවක්ම බර කරත්තවල (දෙකක) පටවා ගෙනැවිත් මෙහි කටයුතු උදෙසා පූජා කරන්නටද සැදැහැති දානපති බෞද්ධයකු කටයුතු කළ අවස්ථාවේද එම භාණ්ඩ පුණ්‍යානුමෝදනායුතුව නාහිමියන් භාර ගත්තේද ඇසට නැගුන කඳුලකින්ද යුතුව ය.

මේ අයුරින් මෙහි සාර්ථකත්වය දැක තුටු පහටුව පැමිණි නාහිමියන් සමඟ කථොපකථනයක යෙදී සිටියදී එක්තරා වැදගත් උසස් දායකයන් කිහිප දෙනෙකු නාහිමියන් සමඟ කියා සිටියේ මේ වන විට මුළු පළාතට පමණක්ද නොව රටම කරු කුට්ටන් වෙමින් මාස ගණනක් තිස්සේ පවතින නියඟය මැඩලීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මහා චේතියට කිසියම් පූජාවක් සිදුකර ඉල්ලා සිටීමට යෙදුණහොත් හොඳ බව ය.

මෙම අදහස සුමනසාර හිමියන්ගේ සිතේ අලුත් හැඟීමක් ඇතිකරලීමට සමත් විය. ගුරු හිමිපාණන්ගේ ඉපැරණි එක් පුස්කොළ පොතක් කියවා ගෙන යද්දී එහි වූ නියඟයක් නැතිකර දැමීම සඳහා කළා වූ අපූරු පුණ්‍ය ක්‍රියාවක් පිළිබඳව තොරතුරු මතකයට නඟා ගන්නට නාහිමියෝ සමත් වූහ.

“මෙහෙම අවස්ථාවක කටයුතු දෙයක් ගැන මට මගේ ගුරු හාමුදුරුවෝ ළඟ තිබුණා. පුස්කොළ පොතක තිබූ පිංකමක් ගැන කියවලා තියෙනවා. නාහිමියෝ කීහ. ‘ඒ මොකක් ගැනද නායක හාමුදුරුවනේ’ යි විමසීහ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සෝමසිරි කස්තුරිආරච්චි 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.