අපට විණකටින්නෙ අපේම අය

ජුනි 28, 2019

මේ විශ්වය තුළ ජීවත්වන සත්වයා පාලනය කරන්නෙ විශ්වයේ බලයෙන්. ඒ කිව්වේ විශ්ව ශක්තිය මගින්. තවත් ලිහිල් කළොත් පෘතුවිය වටා වේගයෙන් භ්‍රමණය වන ග්‍රහලෝක වලින් විහිදෙන ග්‍රහ කිරණ ශක්තියෙන්.ජීවියාගේ යහපතටත්, අයහපතටත් ස්වකීය කරන ලද කුසලා කුසලය මත ඒක සිදුවෙනවා. මේ පලදීමේ ක්‍රියාවලිය හරි සංකීර්ණයි.

සමහර විට මේ භවයේදී කියන කරන සිදුවීම නිසා ඇතිවන ප්‍රතිඵලවලට අමතරව පසුගිය භවයන්වල සිදුවු ක්‍රියාවල ප්‍රතිඵලත් මේ භවයේදී විදින්ට සිදුවනවා. සමහර විට පසුගිය භවයකදී කළ යම් ක්‍රියාවලියක සුබ පැත්ත පමණක් පල දෙනවා. ඒ වෙනුට නරක පැත්තත් පල දෙනවා. බොහෝ විට ශුභ අශුභ දෙකම පලදෙනවා. කිසිම ජන වර්ගීකරණයකින් තොරව මේ හොඳ නරක ප්‍රතිඵල දෙනවා. බුදුරජාණන් වහන්සේටත් ස්වකීය මස්සිනා වු අජාසත්ත නිසා කොපමණ දුක්ගැහැට විඳින්න සිදු වූවාද? ඊට අමතරව දුෂ්කර ක්‍රියා කරන්නටත් සිදුවුණා. රහසින් වත් පව් නොකලා යයි බුදුපොතේ සඳහන් වන බුදුන් වහන්සේටත් එසේ උනානම් අපට කොහොම නොවෙයිද? උදාහරණයක් වශයෙන් මුගලන් මහ තෙරුන් වහන්සේ ගැන බලමු. පෙර භවයක කළ කුසල කර්ම නිසා රහත්ඵලය ලැබුණා, මව්පියන්ට හිරිහැර කළ නිසා හොරුන්ගෙන් දඬුවම් වින්දා, මේ විශ්ව ධර්මයේ හැටි. කිසිම ජාතියක් කුලයක්, ආගමක් බලපාන්නේ නැහැ. ඡ්‍යොතිෂය අතින් බැලුවත් එහෙමයි. අපි දන්නවා ඡ්‍යොතිෂයේ කුමාරයා නැත්නම් බුද්ධියට අධිපතියා බුධ ග්‍රහයා ගැන.

වැඩිදුරටත් ලියනව නම් කන්‍යා සහ මිතුන රාශිවල අධිපතියා සේ බුධ යම් ජන්මියෙකුට හතුරු වුවහොත් ශරීරය මුලින් ලස්සනට පෘෂ්ටිමත් කරනවා. මහත් කරනවා. ඊට පසුව බෙල්ලෙන් පහළ නහරයක අමාරුවක් හදනවා. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් වැනි රෝගයක්. අපි විශේෂයෙන් දැනගන්න ඕන කරුණක් තමයි උපතින් බුධ ග්‍රහයා හතුරු වු විට, තත්කාලීන වත් හතුරු වුවහොත් ඒ කාලය තුළදී කරන ශෛල්‍යකර්ම වලදි නැවත සිහිය ගැනීමේ ප්‍රමාදයක් හෝ කරදරයක් පවතින බව. තවත් ලිහිල් කළොත් මේෂ, සිංහ, වෘශ්චික, වැනි ලග්න හිමියන්ට මේක විශේෂයි. මොකද ඒ අයට බුද උපතින් මාරකයි. වැඩිපුරම සිදුවන්නේ කලින් කිව් ලග්න හිමි අයටයි. තත්කාල කේන්දරයේත් බුධ හතුරු නම් පලදීම බොහෝ දුරට නිවැරදියි. මෙසේ ග්‍රහචාරය උදාවුනාම එක පාරටම ශරීරය පෘෂ්ඨිමත් වී ලස්සන වේවි. ඒ සමඟම තද පිපාසයක් ඇතිවේවි. එහෙම වුණොත් ඉක්මනටම පැණිරස කෑම නවත්වන්න. බුධ ග්‍රහයා නරක් වුණාම අපේ ශරීරය ඔය ආකාරයට ලස්සන කරල අමාරුව අසනීපය හදනවා. අපටම සෙත සලසන බුධ අපටම විණ කරනවා.

ආදි මනුෂ්‍යයා සාමාන්‍යයෙන් මස් මාංශ වලට වඩා එළවළු, පලතුරු, අල ජාතිවලට කැමතියි. එනිසාමයි. වල්ඌරන්, අලින්ගෙන් අපටම කරදර සිදුවන්නේ. මොකද ඒ සතුන් ආහාරයට ගන්නෙත් අපි කැමතිදේම තමයි. අපේම ආහාර කන අයෙගෙන්මයි. අපිට වැඩිපුර කරදර හිරිහැර. සාමාන්‍යයෙන් කොටි, වලසුන් වැනි සතුන් මිනිස් වාසස්ථානවලට පැමිණිලා කරදර කරනවා බොහොම අඩුයි. අපි වැඩිපුර ප්‍රවේශම් වන්න ඕනෑ අපටම හිතකාමි අපේම අයගෙන් කිව්වේ ඒකයි.

ශේෂයෙන් ඒක ලිව්වේ. කවදා හරි කොහෝ හරි ඔබට හතුරෙක් ඇති වුනානම් එයා දවසක් හරි ඔබේ මිතුරෙක් වී හිටින්ටම ඕනෑ. මිතුරෙක්වී සිටි යම් කෙනෙක් හතුරෙක් වූවානම් වැඩිපුර ප්‍රවේශම හොඳයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික මන්ත්‍රාචාර්ය සහ

ඡ්‍යොතිශශාස්ත්‍රඥ

මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.