අශුභ යෝග කීපයක් ජන්මියාගේ අත්ලේ පිහිටන ආකාරය

ජූලි 5, 2019

දරිද්‍ර යෝගය

දරිද්‍ර යෝගයෙන් උපන් ජන්මියෝ ඉතා දිළිඳු තත්ත්වයෙන් මුළු ජීවිතය පුරා විඳවන්නෝය. දුෂ්කර ප්‍රදේශවල වාසය කරයි. රැකියාව ලෙස කරනුයේ ඉතා දුෂ්කර කටු කොහොලින් පිරුණු එකකි. ශරීරයද බොහෝ විට දුර්වර්ණ වී හෝ සුදුමැලි වී ඇත.

මෙවැනි චරිත ලක්ෂණ හිමි දරිද්‍ර යෝග හිමියන්ගේ ජන්ම පත්‍රයේ 11 අධිපති හෙවත් එකොළොස්වැන්නාධිපති 6, 8, 12 යන ස්ථානයක සිටීම දැකිය හැකි ය. 11 අධිපති 6, 8, 12 සිටියද එම ග්‍රහයා උච්ච, ස්වක්ෂේත්‍ර මිත්‍ර ආදී බලයෙන් රවි නම් හෝ සුබ ග්‍රහයෙකුගේ සුබ දෘෂ්ඨියට ලක්වීම තුළින් අදාළ අශුභ තත්ත්වය තරමකට මග හැරෙන බවද දැන ගත යුතු ය.

දරිද්‍ර යෝගය ජන්ම පත්‍රයේ පිහිටන ආකාරය

1 සටහන

මෙම ජන්මියාගේ 11 අධිපති කුජ ග්‍රහයා වේ. එම කුජ 6, 8, 12 හි තැන්පත් වීම දරිද්‍ර යෝගයයි. තදබල ලෙස විපාක දෙන දරිද්‍ර යෝගයක් ජන්ම පත්‍රයේ පිහිටි ජන්මියාගේ හස්තය තුළින් ද දරිද්‍ර යෝගය දැකිය හැකි ය. එය මෙසේ ය.

දරිද්‍ර යෝගය හිමි ජන්මියාගේ හස්තයේ ඇති සියලුම මණ්ඩල ගිලී දුර්වලව පවතී. ඊට අමතරව එම ජන්මියාගේ සුළැඟිල්ලේ මැද පුරුකේ තරුවක ලකුණක් දැකිය හැකි ය.

දණ්ඩ යෝගය -

රාහු හා කේතු යන ඡායා ග්‍රහයන් දෙදෙනා හැර අනෙක් සියලුම ග්‍රහයින් 1, 10, 11, 12 යන ස්ථානවල තැන්පත් වීම තුළින් දණ්ඩ යෝගය උදාවේ.

දන්ඩ යෝගය ජන්ම පත්‍රය තුළ පිහිටන ආකාරය. ජන්ම පත්‍රයේ මෙම යෝගය පිහිටි ජන්මියාගේ ගෘහ ජීවිතය ඉතා කරදරකාරී එකක් වනු ඇත. සැමියාගෙන් හෝ බිරිඳගෙන් බොහෝ පීඩාවන් ගෙන දේ. මොහුට සිටින දරුවන්ද කරදර කාරයන්ය. දරුවන්ගෙන්ද සහනයක් නැත. නිතර ශෝකයෙන් පසුවේ.

නමුත් ඉහත පලාපල 100% යක්ම ගෙන දෙන්නේ දණ්ඩ යෝගය උදාකල ග්‍රහයින් අශුභව සිටී නම් පමණි. එම ග්‍රහයින් උච්ච, ස්වක්ෂේත්‍ර ,මිත්‍ර ආදී කොට ඇති සුබ බලයෙන් සිටී නම් අශුභය අවම කරයි. පල දෙන මට්ටමේ දණ්ඩ යෝගයක් හිමි ජන්මියෙකුගේ හස්තයේ කුමන හෝ ස්ථානයක කඩුවක ලකුණක් දැකිය හැකි ය.

කූට යෝගය -

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනි,

දේශබන්දු, ආචාර්ය

මංජුලා පුෂ්පරාංගනී

පල්ලෙබැද්ද

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.