ඡ්‍යොතිෂ්‍යයෙන් ඉදිරිය දෙස බලමු

ජූලි 5, 2019

මොරවක මංජුලා වයස : 41 රජයේ හෝ පුද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක් ලැබේද?

පිළිතුර :කුම්භ ලග්න මේෂ නවාංශක පුවපුටුප නැකත. දැනට දසාව කේතු 2023 දක්වා. රැකියාව ගැන සොයා බලන ස්ථානය වූ 10 වැන්න අධිපති කුජ නීචව 6 වැන්න වූ රෝග ස්ථානයේ උපතේදී ස්ථාපිතව සිටී. එසේම දුර්වල තත්ත්වයකින් ස්ථාපිත වූ බුධ හැරෙන්නට වෙනත් කිසිදු සුබ හෝ අසුබ ග්‍රහයෙකුගේ දෘෂ්ඨියක් 10 වැන්නට ලැබී නැත. රාජ්‍ය කරක රවිද උපතේදී 2 වැන්නේ සිටියද 10 වැන්න නොදකී. 10 වැන්න දකින එකම ග්‍රහයා වන බුධද යෝග වී සිටිනුයේ 22 වන දෙර්කාණාධිපති සිකුරු සමඟයි. මේ අනුව රැකියා ස්ථානය ඉතා දුර්වල තත්ත්වයක පවතී. රැකියාවක් ලැබුණද සතුටින් සාර්ථකව තම කටයුතු කරගෙන යාමේ දුර්වලතා පවතී. ස්ථිරවම කළ හැකි වෘත්තියක නිපුණත්වයක් ඔබට ඇති බවක්ද නොපෙනේ. තාවකාලිකව කිසියම් හෝ කාර්යක් කර එදිනෙදා වියදම සොයාගත හැකි තත්ත්වයක් පමණක් පෙනේ. යුගදිවියද දුර්වල බවක් පෙනේ. 7 වැන්නේ සෙනසුරු පතිත වීමත්, 7 අධිපති රවි 7 වැන්න නොදැකීමත් විවාහ කාරක සිකුරු ඔබේ 22 වන දෙර්කාණාධිපති වීමත් ඊට හේතු වී ඇත. ශ්‍රමය වෙහෙසවා ලැබෙන කුමක් හෝ වෘත්තියක් කිරීමේ හැකියාවක් ඔබට ඇත. ඒ සඳහා උනන්දුවන්නේ නම් මැනවි.

උඩංගමුව සචිනි වයස : 17

ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකවේද?

පිළිතුර :මකර ලග්න කටක නවාංශක පුෂ නැකත දැනට දසාව බුධ. සුබවාදී ජන්ම පත්‍රයකි. ලග්නාධිපති ශනි මිත්‍රව 6 වැන්නේ සිටින අතර, අධ්‍යාපන ස්ථාන වන 5 වැන්න හා 9 වැන්න ද සුබතත්ත්වයෙන් පවතී. අධ්‍යාපනයට විශේෂ රුකුලක් වන ර.බු.කේ. යෝගය 11 වැන්නේ පිහිටීම ඉතා ඉහළ අධ්‍යාපනයකට හිමිකම් ඇති බව පෙන්වීමකි. මෙම ග්‍රහයින් තිදෙනාම අධ්‍යාපන කටයුතු කෙරෙහි ඉතා ඉහළ ප්‍රතිචාරයක් දක්වයි. කේතු උච්චව සිටින අතර, ර.බු. එක්වීමෙන් බුධ ආදිත්‍යය යෝගයද ස්ථාපිතව ඇත. ඊට අමතරව 7 වැන්නේ ගුරු උච්චව සිටීමෙන් හංස යෝගයද උදාකරගෙන ඇත. මෙය පංච මහා පුරුෂ යෝගවලින් එකකි. ගති ගුණ හැසිරීම, අන් අයට උදව් කිරීම, උපදෙස්දීම වැනි යහපත් ගුණාංග බොහෝමයක් හංස යෝගයේ ප්‍රතිඵල වශයෙන් ඔබට ලැබේ. ගමේ, පළාතේ වැඩිහිටියන් අතර ජනප්‍රියත්වයක් මෙන්ම ගෞරවයක්ද ඉදිරියේදී ලැබේ. ඉහළ අධ්‍යාපනයක් ලැබීමේ වාසනාව ඇත. ඊට ගැලපෙන දසාවක්ද එනම් බුධ මහ දසාව ගතකරන මෙම කාලය ඔබට ඉතා සුබදායකයි. තව තවත් උනන්දු වන්න. රජයේ විභාග වලින් ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ වාසනාව ඔබසතුව ඇත.

නාරම්මල එච්.එම්. වර්ණසූරිය වයස : 38

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

“ඡ්‍යොතිෂයෙන් ඉදිරිය දෙස බලමු”

ඡ්‍යොතිෂවේදී

යසපාල දික්මාදුගොඩගෙන්

ඔබේ පැනයට පිළිතුරු

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.