නිවසේ එකොළොස් පොරොන්දම

ජූලි 12, 2019

නිවසක වර්ග පලය අනුව සුබ අසුබ පල ඇති කරවන පොරොන්දම් එකොළොසක් ඇති බව වාස්තු විද්‍යාවේ සඳහන් වැ ඇත. එම පොරොන්දම් එකොළොස 1.අය 2. වැය 3. යෝනි 4.නැකැත් 5. දින 6.අංසක 7.රාසි 8.තිථි 9.වංස 10.දේවතා 11.ආයු යන නම්වලින් හැඳින්වෙයි.

1. අය පොරොන්දම – නිවසේ වර්ගපලය අටෙන් වැඩි කැර දොළහෙන් බෙදූ විට ලැබෙන ඉතිරිය අය නමි. එම ඉතිරිය හයට වැඩි නම් සුබයි. හයට අඩු නම් අසුබ යි.
2.වැය පොරොන්දම – එම වර්ග පලය නවයෙන් වැඩි කැර දහයෙන් බෙදීමෙන් ලැබෙන ඉතිරිය වැය නමි. එය 5 නම් මධ්‍යමයි. පහට අඩු නම් සුබයි. පහට වැඩි නම් වියදම වැඩි වෙයි.
3.යෝනි පොරොන්දම – වර්ගපලය තුනෙන් වැඩි කැර අටෙන් බෙදීමෙන් ලැබෙන ඉතිරිය 1 නම් ද්වජ යෝනි, 2 නම් කොටළු යෝනි, 3 නම් සිංහ යෝනි, 4 නම් සුනඛ යෝනි 5 නම් වෘෂභ යෝනි, 6 නම් ධූම යෝනි 7 නම් ගජ යෝනි, ඉතිරි නො වේ නම් කාක යෝනි.
මේවායින්, සිංහ, ද්වජ,ගජ. වෘෂභ යන යෝනි සුබයි.
කොටළු, සුනඛ, ධූම, කාක යන යෝනි අසුබ යි.
4.නැකැත් පොරොන්දම – වර්ග පලය අටෙන් වැඩිකැර 27 න් බෙදීමෙන් ලැබෙන ඉතිරිය , 1 නම් පුස 2 විසා 3 සියාවස 4 මුවසිරස 5 හත 6 උතුරුසල 7 බෙරණ 8 මා 9 දෙට 10 උතුරුපුටප 11 පුනාවස 12 සා 13 දෙනට 14 රෙහෙණ 15 උතුරුපල් 16 පුවසල 17 අස්විද 18 අස්ලිස 19 අනුර 20 පුවපුටුප 21 අද 22 සිත 23 සුවණ 24 කැති 25 පුවපල් 26 මුල 27 රේවතී මෙහි 1,3,4,6,8,10,12,13,15,17,19,21,22,24,26, සුබයි. 5 මධ්‍යමයි
2,7,9,11,14,16,18,20,23,25,27 අසුබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.