ශිෂ්‍යත්ව විභාගය සඳහා පිටත්ව යාමට සුබ මුහුර්ථිය

ජූලි 19, 2019

මෙම විභාගය 2019 අගෝස්තු 04 වැනි ඉරු දින පැවැත්වෙන බව සඳහන් ය. එදින සූර්ය උදාව 06.05 ට වේ. දින බලය ‘මිත්‍ර යෝග‘ බලයයි. මෙහිදී ද දී ඇති වේලාවන් හි පළාත් අනුව සූ.උදාවට වෙනස් කිරීම අවශ්‍ය නොවේ.

ඒ අනුව පෙ.ව. 6.20 - 6.23 අතර කාලය 6.44 - 6.51 කාලය, 7.08 - 7.11 හා 7.44 - 7.47 යන කාල අදාළව කටයුතු කළ හැකි ය. මෙම අවස්ථාවල බලවෘද්ධියද යෙදී ඇති අතර, ස්වේතජන හා මෛත්‍රී කාලවලටද අයත් වේ. (ශිවා ලිඛිත හෝරා)

එදින සූර්ය උදාවත් සමඟ රතු නෙළුම් මලක් ද අදාළව පූජා කොට, තමාගේ ආගම දහම සිහිපත් කොට ආශිර්වාද ලබා ගන්න. ශුභ දිශාව ඊසාන දිග බලා වේ. පිටත්වන විට ‘ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ...’ යන ගාථාව සිහිපත් කර පිටත්වන්න.

 

ඡ්‍යොතිර්වේදිනී

එස්.එච්. වංසා ද සිල්වා

මාදින්නාගොඩ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.