කුජ + ශුක්‍ර යෝගය කියන තරම් නරකද ?

ජූලි 26, 2019

කුජ ශුක්‍ර 5 සහ 9 යේ සිට ශනි, ගුරු, දැක්මෙන් තමාව තමාට පාලනය කර ගැනීමට හැකිවේ. එය යහපත් ග්‍රහ හැසිරීමකි.

මෙම යෝගයෙන් සම්පත් දේපළ ඉඩකඩම් බැංකු ගිණුම ආදිය විශාල ලෙස තමාට අයත්වේ. සමාජයේ ධනවතෙකු ලෙස ද කැපීපෙනේ.

ග්‍රහ ආලිංගන නර්තනයට රස කාමිත්වය දෘෂ්‍යමායාකාරි ග්‍රහයෙක් මෙන්ම ග්‍රහ සුරතලිය වූ ශුක්‍ර ( සිකුරු) ඉතාම බලවත් වූ පාපී + කුජ සමඟ එක්වීම මාලවි හෙවත් අනංග යෝගයක් වේ.

පෘථිවියට දෙපැත්තේ කිට්ටුවම ඉන්නා ග්‍රහයින් දෙදෙනාය. මේ දෙදෙනාම පරලොවත් හුදෙක්ම ආධ්‍යාත්මික පැතිකඩක් ගැන නොහැරෙනු ඇත.

තාරුණ්‍යයේ කිරුළුපලන් යුවළකි. සිකුරුව රවටා ගැනීමට කුජ දක්ෂයි. කඩවසම් පුරුෂයෙකු ලස්සන සිරුරක් හිමි කාන්තාවක් වසඟයට ගන්නා සේය . රුධිරයට, ලේවලට, ජානවලට අධිපතියා කුජයි. ලේ වැගිරීම, මානව ඝාතනය කිරීම, ස්ත්‍රී දූෂණය, අයුතු ප්‍රයෝජන ගැනීම, නිර්භීත ලෙස සටන් වැදීම ආදී ක්‍රමයන් අනුගමනය කරන අතර සිත්පිත් නැති තද ආත්මාර්ථකාමියෙකි. කුජ සෙන්පති ග්‍රහයා.

සිකුරු ලෞකිකමය සෞන්දර්යවාදී, සංගීතය, චිත්‍ර ,නාට්‍ය, ලේඛන කලාව, වාදනය , ගායනය , මූර්ති ශිල්පය ආදි කලාත්ම අංශයන්ට වඩාත් නැඹුරු වේ.

තුලාවේ ශුක්‍ර සිටීමෙන් වැඩිපුර කලාවට දක්ෂ කෙනෙක් කරයි. කුජ එක්වූ විට තමා පැත්තට හරවා ගැනීමට යත්න දරයි. කලාව අධික කාමය පසුපස දුවන තැනට කුජ දක්ෂ වේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ප්‍රවීණ ඡ්‍යොතිෂ විද්‍යා විශාරද

දේශබන්දු ටී.හෙන්රි බෙම්මුල්ල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.