ගහ බල යෙදුම

ජූලි 26, 2019

කිසිවකු උපන් වේලාවට සැකැසෙන ජන්ම කේන්දර සටහනේ ගහයන් පිහිටන ආකාරය අනුව ඒ ඒ ගහයාගේ බලය යෙදෙන පිළිවෙල ද විවිධ වෙයි. ගහයා පිහිටි තැනෙහි තත්වය, දැකුම් නිසා ඇතිවන බලය, පෙරැළි (පරිවර්තන) තත්වයන් නිසා ඇතිවන බල දුබලකම්, වර්ග උත්තම වීම, දිග්බලවීම, නීචවීම යෝග බල, නැකැත් බල ආදි නොඑක් අයුරින් ගහයා ගේ බලය වෙනස් වෙමින් බලපාන ආකාරය ද පලාපල කීමේදී වැදගත් වෙයි.

පිහිටි තැන අනුව ඇතිවන බලය

1,4,7,10 යන තැන්වල ද, 5,9 යන දෙ තැන ද පිහිටි සුබ ගහයන් ගේ බලය වඩා යහපත් වන අතර 3,6,10,11 යන තැන්වල ද පාපයන් ගේ බලය වැඩෙයි. 6,8,12 කුදිටු තැන් හෙවත් දුෂ්ට ස්ථාන බව ඔබ දනිති. ඒ තැන්වල පිහිටි සුබයන් ගේ බල බිඳෙන නමුත්, ඒ තුන් පළෙන් එකක අදිපති වූවකු ඒ තැනක පිහිටීම රාජ යෝග බලයක් ද ඇති කරයි. විපෙරැළි (විපරීත) රාජයෝග නමින් හැඳින්වෙන්නේ ඒවා යි. ඒ යෝග තුනයට “හර්ෂා” , “සරලා”. “විමලා” යන නම් තුනක්ද දී ඇත. ඒ පාප තුන් පළේ අදිපතියකු ඒ තැනකට වැටීම යහපත් වුවත් හත් වැන්න අදිපතියා 6,8,12 තැනකට වැටීම විවාහ සැපතට අයහපත් වෙයි.ඒ තැනක සිටින ගහයකු ගේ බැල්මට ලක්වන ගහයාට ද එයින් වනුයේ සුබයක් නො වේ. ගහයකු නොමැති රාසියකට වුව ද ඒ තැනක සිටින ගහයකු ගෙන් වැටෙන බැල්ම යහපත් නැත.

ගහයන් ගේ බැල්ම වැටෙන ආකාරය මෙ සේ හඳුනා ගත යුතු වෙයි. සියලු ම ගහයනට එම ගහයා සිටින තැනින් හත් වැන්න පෙනෙ යි. ඊට අමතර වැ, රවි, සඳු, සනි, තිදෙනාට තමන් සිටින තැනින් 3-10 යන රාසිද, කුජ, බුද දෙ දෙනාට 4,8 යන රාසි ද. ගුරු, කිවි, දෙදෙනාට 5,9 යන රාසි ද පෙනෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හේමසිරි කුමාරණතුංග

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.