විවාහයට බලපාන අහිතකර පිහිටීම්

අගෝස්තු 2, 2019

විවාහ අපේක්ෂිතයන්ගේ මෙන්ම විවාහක ස්ත්‍රී, පුරුෂ දෙපක්ෂය තුළින් පිළිඹිබු වන අතිධාවනකාරී මෙන්ම අනාචාරශීලී අවිචාරමත් ගතිපැවැතුම් මෙන්ම අසහනකාරී අතෘප්තිකර මානසික හැසිරීම් රටාවන් බොහෝ විට විවාහය හා විවාහ ජීවිතය කෙරෙහි තදබල ලෙස අනිටු විපාක ඇති කරයි. මෙලෙස විවාහය හා එහි පැවැත්මට අයහපත් ලෙස බලපාන සාධක බොහෝමයක් ඇත.

හත්වැන්නාධිපති 6, 8, 12 රාශියන්හි එම භාවයක අධිපතියෙකු හත්වැන්නේ තැන්පත්වීම විවාහ සතුටට බාධාවකි. සඳු ද්විත්ව රාශියකද බුධ ඔත්තේ රාශියක ද වී දෙදෙනාම කුජගේ දෘෂ්ටියෙන් පීඩාවිදියි නම් විවාහ සැපතට බාධා ඇති කරයි. බුද හා සිකුරු හත්වැන්නේ වී සුබ දෘෂ්ටියක් නොලැබේ නම් විවාහ ජීවිතය පිළිබඳ ඇති උනන්දුව හීන වී යනු ඇත. එමෙන්ම සඳුගෙන් හත්වැන්නේ කුජ ශනි යෝගය (ශනි මංගල දෝෂය) යෙදීමද විවාහ ජීවිතයේ සතුට අඩුව යාමට හේතුවක් වනු ඇත.

රාහු හා සඳු 12 වැන්නේ වී ශනි හා කුජට එක්වරම පෙනේනම් විවාහ සැපතට බාධා ඇති කරයි. රවි හත්වැන්නාධිපතිට චතුරස්‍රව හෝ එකිනෙකට විරුද්ධ පැත්තේනම් අඹුසැමි දෙදෙනා අතර සතුට සාමය නොපවතියි. මෙම පිහිටීම් ස්ත්‍රී කේන්ද්‍රයක නම් ප්‍රතිවිපාක වඩාත් අහිතකර වේ. රවි හා සඳු දෙදෙනා පාපී ග්‍රහයන් හා සම්බන්ධ වී සතුරු රාශිගතවී එකිනෙකාට දෘෂ්ටි ගත නම් විවාහ සතුටට බාධා ඇති කරයි. හත් වැන්නේ බුධ සිකුරු සංයෝගයද විවාහ සැපතට බාධාවකි.

පුරුෂ කේන්ද්‍රයක ලග්නය හා සඳු ද්විත්ව රාශියක වී ස්ත්‍රී ග්‍රහයන් එහි තැන්පත් වී හය වැන්න අධිපතියාගෙන් පීඩා ලබයි නම්, එකී පුරුෂයාට ස්ත්‍රී ගුණාංගද, ස්ත්‍රී කේන්ද්‍රයක ලග්නය හා සඳු ඔත්තේ රාශියක වී පුරුෂ ග්‍රහයින් එහි තැන්පත්ව 6 අධිපතිගෙන් පීඩාවේ නම් එම ස්ත්‍රියට පුරුෂ ගති ලක්ෂණ ඇතිවේ. මෙම අවස්ථා දෙකම විවාහ සැපතට බාධා පමුණුවනු ඇත.

එමෙන්ම දෙදෙනා එකම ලග්නයේ වීමද එතරම් සුබදායක පිහිටීමක් නොවනු ඇත. දෙදෙනා සම වර්ෂවල ඉපදී එකම ලග්නයේ වීම මත ග්‍රහයන් එකම ආකාරයෙන් පිහිටීම මත රවි, සඳු, කුජ, සිකුරු වැනි ග්‍රහයන්ගේ ශුභදායක පිහිටීම් නොමැතිවීමත්, දෙදෙනාම ඒරාෂ්ඨක අපල, 22 වැනි දෙර්කාණාධිපති, 64 නවාංශකාධිපති, වැනි බාධක ග්‍රහයන්ගේ දශාවන් එකවර ලැබීමත් සිදුවේනම්, විවාහ ජීවිතයට ගැටලු ඇතිවනු ඇත.

මෙම කේන්ද්‍ර සටහන් දෙකටම අනුව ජන්ම ලාභීන් ප්‍රේම සබඳතාවයක් මත විවාහ වී දැනට වසර කීපයක් ගත වී ඇත. ඔවුන් විදේශගතව ජීවත් වූවත් මෙම කාලය ඔවුන්ගේ කේන්ද්‍ර සටහන්වල නොගැළපීම් ඇතිවී විවාහ ජීවිතයටද බාධක එල්ලවෙමින් පවතී.

පුරුෂ කේන්ද්‍රයේ රැකියාවටද කරදර පැන නැගී ආර්ථිකයද බිඳ වැටීම මත ස්ත්‍රී කේන්ද්‍රය හිමි අයගෙන් යැපීමට සිදුවීම මතද ගැටලු පැන නැගී ඇති අතර දරු උපත් පිළිබඳවද බලාපොරොත්තු බිඳ වැටී ඇත. දෙදෙනාට දෙදෙනා නොරිස්සුම් සහගතව කටයුතු කරයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිෂවේදිනී,

ගීතිකා සමරතුංග

සටහන - ධම්මිකා රාජපක්ෂ 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.