නොපෙනෙන බලවේග ළංකර ගැනීමෙන් ඇතිවන දෝෂ

අගෝස්තු 2, 2019

ඉඳුල් වතුර, රෙදි සෝදන වතුර, මේවා ඉඩමේ දේව පාදය, මනුෂ්‍ය පාදය, බ්‍රහ්ම පාදය, මෙම කොටස්වල වළවල් කපා ඉදිකිරීමෙන් එම ස්ථාන භූතයින්ගේ රජ දහනක් වන්නේය. මේවා ඉඩමේ පේ‍්‍රත පාදයට සකස් කර ගත යුතුය.

ඔබගේ ඉඩම තුළ හෝ නිවසේ ඒ අවට පරිසරයේ යම් යම් ස්ථාන පේ‍්‍රත, කුම්භාණ්ඩ, පිසාච, සියලුම භූත කොටස් සැරිසරනවා පමණක් නොව ස්ථිර වාසස්ථාන බවට පත්වී ඇති අවස්ථා බොහෝ ඇත. නිතර දෙවේලේ අපගේ ඇසට නොපෙනුනත් මොවුන් අපට කරන බලපෑම් අති විශාලය.
පවුල් අසමගි කම, පදිංචි ස්ථානය නිවස එපා කර අප්‍රසන්න කරවීම, නිතර ලෙඩ, දුක් ඇතිරරවීම, ධනය විනාශකරවීම, සුරාව, සූදුව ආදී දේවලට ඇබ්බැහි කරවීම, රණ්ඩු කෝලාහල ආදියට යොමුකරවීම. අලුතින් විවාහ දිවියට පා තැබූ අය අතරේ අසමගිය, අඬ දබර ඇති කිරීම මේ ආදි නොයෙකුත් විනාශකාරි තත්වයන්ට ඇද දැමීමට මෙම භූතයෝ අති දක්ෂ වෙති. එම නිසා මෙම භූත කොටස් ගැවසෙන ස්ථාන සම්බන්ධව ඔබ දැනුවත් විය යුතු අතර හැකි තරම් එම ස්ථාන පිරිසුදු තත්වයෙන් තබා ගැනීමට උනන්දු විය යුතුය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

ඡ්‍යොතිර්වේදී ජේ.ගුණපාල

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.