සඳු සිකුරු යෝගය

අගෝස්තු 9, 2019
ඡ්‍යොතිෂයේදී සුබ ඵලදෙන ග්‍රහයින් දෙදෙනෙකු හැටියට සඳු සිකුරු හඳුන්වා තිබේ. මේ දෙදෙනාගේ සංයෝගය සෑම මසකට වරක් යෙදේ. එබැවින් මෙය දුර්ලභ යෝගයක් ම නොවේ. 
 
ජන්මියාට මෙම සඳු සිකුරු යෝගය යෙදීමෙන් ලෞකිකමය සැපසම්පත් ගෙනදේ උච්ච බලයෙන් සඳු සිකුරු යෙදීම සුබඵල දෙන අතරම පාපීන්ගේ පෙනීම හරහා වෙනස් වනු ඇත. 
 
විවාහයේ වැදගත්ම අංශය වූ ලිංගික තෘප්තිය පිළිබඳ නිසි වගකීම දෙදෙනාට පැවරී තිබේ. මේ ග්‍රහ සංයෝගය කොතැනක යෙදුනත් ඔහුගේ හෝ ඇයගේ මනස කාමුක හැඟීම්වලින් පිරී ඉතිරී යයි. මේ යෝගය නරක තැනක පිහිටීම යෝග්‍ය නොවේ. සතුරු රැසක දෙදෙනා සිටීම නිසා අශුභ ආකාරයට සල්ලාලකමට යොමුවිය හැකි ය. පුරුෂයාටත් ස්ත්‍රියටත් එසේම ය. සමහර විට අසුබ අයුරින් පිහිටීම නිසා යුගදිවිය නීරස බවට පත්වීමේ ඉඩකඩ පෑදේ. යුගදිවියේ දෙදෙනාගේ බැඳීම ආදරය ආලය සහජීවනය අත්‍යවශ්‍ය කරුණු ය. 
 
බොහෝවිට විවාහය බිඳ වැටෙන්නේ සහකරුගේ සහකාරියගෙන් නිසි තෘප්තිය නොලැබීම නිසාය. පොරොන්දම් ගැළපීමේ දී මේ ගැනත් වැඩියෙන් පරීක්ෂා කළ යුතුමය. තම සහකරු හෝ සහකාරියගේ නිසි ලිංගික සුවයක් නොලැබීම නිසා තම වගකීම් යුතුකම් නොකිරීම නිසා ගැටලු වහා පැනනගී.
බොහෝවිට විවාහය දෙදරා යෑම සිදුවේ. මේ සඳු සිකුරු යෝගය පිහිටි විට ඉඳුරන් පිනවීමට නිතැතින්ම පෙලඹේ. එය හරියාකාර නොලැබුණහොත් එතැන මානසික තත්ත්වය වෙනතක හැරේවි. 
 
මේ ගැන හොඳින් සිතා බලා තමාගේ සහකරු හෝ සහකාරිය සොයා ගත යුතු යි. සඳු, කුජ හා ශුක්‍ර 7 වැන්නේ සිටි අයෙකුට 7 වැන්නේ කේතු සිටීමෙන් කායික ප්‍රශ්න ඇතිවීම වළක්වනු බැරිය. මේ කේන්ද්‍ර හිමියා වෘෂභ ලග්නකරුවෙකි. හත වෘශ්චිකයේ චන්ද්‍රයා නීචව ශුක්‍ර සමග යෝගව ඇත. මේ දෙදෙනාම කිසිදු ශුභ ග්‍රහයෙකුගේ හෝ අශුභ ග්‍රහයෙකුගේ පෙනීමක් නොවෙති. මීන නවාංශකය විය. විවාහවීමට පෙර නොමනා සබඳතා ගොඩ නගා ගෙන තිබිණ. රවි බුධ ශනි හය වැන්නේ සිටීම එයට හොඳ සාධකයකි. 
24 වියේ දී විවාහ විය විවාහයෙන් පසු වෙනත් සබඳතා ගොඩනඟා ගන්නීය. ගුරු දශාවේ ශනි අන්තරය තුළ බිඳ වැටින. මුළු ජීවිතයම නීතිමය රැහැනටද කොටු විය. ජීවිතයේ පෙනිපෙනී පරාජය නිමිතිකරගන්නට කාලය එළඹින. 22 වැනි දෙවැනි දෙර්කාණාධිපති වූ ගුරුගෙ කාලයටත් ශනිගේ අන්තරයත් තුළ සිදුවීමට හේතුවිය. 
නමුත් මෙවැනි සරාගී යෝග ඇති දෙපක්ෂයටම අශුභ යෝගවල බලය පාලනය කර ගැනීමට ඡ්‍යොතිෂයේ හැකියාව තිබේ. 
එය නිසි ආකාරයට ගුප්ත විද්‍යාත්මකව යොදා ගැනීමෙන් මනස පාලනය කරගෙන කායික හැසිරීම් රටාව ක්‍රමවත්ව ගෙන යාමට හැකිවන යම් යම් ගුප්ත ශාස්ත්‍රීය ක්‍රමවේදයන් ඇති බැව් මෙලෙස සනිටුහන් කර සිටිමු. 
 
ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ 
වාස්තුවිද්‍යා විශාරද 
දේශබන්ධු, 
ටී. හෙන්රි බෙම්මුල්ල
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.