වශී ගුරුකම් අකැපද?

අගෝස්තු 16, 2019

වශී ගුරුකම කරගෙන ඉන්න අය හරියට ප්‍රවේශම් වන්න ඕනෑ. හොඳට වගේම නරකටත් අයහපත් දේ කරනවා. ඉතාම ස්වල්ප වශයෙන් නිල මිරිකීමේ ක්‍රමයකුත් තිබුණා. ඒවා ක්‍රමයෙන් වැළලෙනවා.

අපි හැමදෙනාටම වශී ගුරුකම් අත්‍යාවශ්‍යයි කියල කිව්වොත් ඔබ මා සමඟ එකඟ වනවද? මං හිතන්නෙ එක්තරා දුරකට විය හැකියි කියාවි. එතකොට මා කියනවා එක්තරා දුරකට නොවේ සම්පූර්ණව කියලා. මේ වශී ගුරුකම් කියන්නෙ මොනවද? අනික මේ වශී ගුරුකම් කරන්නෙ මොකටද කියල අපි ටිකක් දැනුවත් වෙමු.

වශීගුරුකම් කිව්වාම එක එක වර්ග තිබෙනවා. එකින් එක නිවීසැනසිල්ලේ කතා කරමු. ප්‍රථමයෙන් අපි ගනිමු මලක්. නැත්කම් පුෂ්පයක්. ඒ මලේ සුවඳට පාටට අපි වශී වනවා. සතෙක් ගනිමු. ඒ සතාගේ ස්වභාවයට ගමනට හැසිරීම් රටාවට අපි වශී වනවා. ඔබ රුපියල් දහස් ගණන් ගෙවා මල් වතු, සත්ව උද්‍යාන, සතුන් ගැවසෙන වනාන්තර බලන්න යන්නෙ ඇයි.? අපි ඒවාට වශීවෙලා. වශී වන තැන විනාශයකුත් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. උද්භිද විද්‍යා පාඩමේදී බාඳුරා මල් ගැන දැනුවත්වෙලා තිබෙනවනේ. කතා කරන්න බැරි සතුන්ට ගස්වැල්වලට වශී කර ගන්නා විශේෂ දීමනා වැඩපිළිවෙළ ස්වභාවධර්මයා ලබල දීලා තිබෙනවා. නමුත් කතාකරන්ට හැකි අපට ඒ වරප්‍රසාද අඩුකරල මොළය නැත්නම් ධාරන ශක්තිය කතාකරන්න හිතීමේ ශක්තිය දීලා. සතුන් ගස්වැල්කතා කරන අපට වඩා වරෙක යහපත් බව හැඟෙනවා. මොකද මිනිහට වගේ තදින් අල්ලා ගැනීමට තන්හාව, වෛරය කිරීමක් නැහැ.

සතා සර්පයාට හරිහැරයක් කරදරයක් වුවහොත් විතරයි උගෙන් අපට හිරිහැර වන්නේ. ඒත් වෛරයක් නැහැ. වැඩිපුරම මනුෂ්‍යාට ඇති බියට. මනුෂ්‍යයා එහෙම නැහැ. අවශ්‍ය දේ ලබා ගැනීමට ඒක නුපුළුවන් වුණාම බලෙන් ගන්න තරම් ආශාවක් වෛරයක් එනවා. ඒක ඉෂ්ඨ කරගන්න දරන එක් උත්සාහයක් තමයි වශී ගුරුකම, ඉස්සෙල්ලම කියන්න ඕනෑ. ඔය පන්තිවල මේ ගුරුකම් කිරීමට අභ්‍යාස නැහැ. පුහුණු වන්නට හැකියාව නැහැ. ගුරුකම් කරන්නට පාරම්පරික දුටු පුරුද්ද කළ පුරුද්ද වැනි දෑ අත්‍යවශ්‍ය බව කියන්නම ඕනෑ. හැම මන්ත්‍රයක්ම සිද්ධි වන්නම ඕනෑ. වශී ගුරුකම් කිව්වට එක එක් වර්ගයේ ගුරුකම් තිබෙනවා. උපතින්ම පිරිමි සතා ලස්සනයි. ගැහැනු සතාට වඩා බලන්න මොනරා සෙබඩියට වඩා ලස්සනයි. කුකුලා කිකිළියට වඩා ලස්සනයි.

ඒකත් ස්වභාවධර්මයාගේ එක නිර්මාණයක්. ඒත් මනුෂ්‍යයා ගැහැනිය ලස්සනයි මිනිහට වඩා. මනුෂ්‍යයාගෙන් සතා වෙනස් වන එක ලක්ෂණයක් ඔය ලිව්වේ. ගැහැනියට ආවේණික වූ දිගැටි ඇස්, මුතු වන් දත්පෙළ, දිග්වූ කෙස්වැටිය, කොටින්ම කිව්වොත් පංචකල්‍යාණිය ඇයටම ලැබූ දායාදයක්. ගැහැණු දරුවන් ස්වකීය ජීවිතයේ සන්ධිස්ථාන තුනක් පසු කරනවා. ප්‍රථම එක මල්වරය, කසාදය, තෙවැනි එක ප්‍රථම දරු ප්‍රසූතිය. මෙම සන්ධිස්ථාන පසු කළාම ශාරීරික ඉරියව් පවා වෙනස් වෙලා අලුත් නම් පටබැඳීම්ද ඇතිවනවා. මල්වරයෙන් පසුව ගැටිස්සිට නැත්නම් ළැමිස්සිය කියාද, විවාහයෙන් පසු පතිනිය කියාද ප්‍රථම දරු ප්‍රසූතියෙන් පසු ඈ උතුම් වූ මාතෘත්වය ලබනවා. මේ හැම අවස්ථාවෙම ශාරීරික ඉරියව් වෙනස් වන බව දන්නවනේ. ගැහැනු ළමයින්ට වඩා ගැහැනිය ලස්සන බව කාව්‍ය දැනුම ඇති කවියෙන් ලෝකයා අමතලා තිබෙනවා. නාරිදේහය වගේ පිපෙන සමහර උඩවැඩියා මල් දුටු තපසුන්ගෙ ධ්‍යානයන් බිඳෙන බව සමහර කවිවල පැහැදිලි ඒවා ලස්සන අර්ථ ඇති කවි. මේ තුන් ඉරියව්වෙන් සමාජයේ වැජඹෙන දිව්‍යාංගනාවන්ට වශී නොකර පුළුවන්ද? එවැනි අයෙකුට මේ ලක්ෂණ නිසා පිරිමියෙකුට හිත ගියොත් එම උත්තමාවිය ලබා ගැනීමට පිරිමියා මොනවද නොකරන්නේ. එහෙම කරන එක උත්සාහයක් තමයි වශීගුරුකම.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යාධර

ඡ්‍යොතිෂ විද්‍යා සහතික

මොරටුවේ

මීපේගණිතගේ

රන්ජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.