සුරූපී ළඳුන් බිහිකරන ග්‍රහයෝ

අගෝස්තු 23, 2019

ග්‍රහ මඬුල්ලේ සඳු , සිකුරු ස්ත්‍රීකාරක ග්‍රහ යුවලක් ලෙස සලකනු ලබන අතර මව්කාරක ග්‍රහ යුවලක්ද වෙයි. මෙම ග්‍රහයන් කාන්තාවකගේ උත්පත්ති කේන්ද්‍රයේ බලවත්ව පිහිටීම ඔවුන්ගේ රූමත්බව වැඩිවීමට මෙන්ම ඇය තුළ යහපත් චරිතයක් ඇතිවීමටද හේතුවෙයි. ලලනා රුව වැඩිවීමට හේතුවන ග්‍රහ සංයෝග ඡ්‍යොතිෂයේ මේ අයුරින් කියැවේ.

කාන්තා රුව වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ලග්නය දෙවැන්න හා සඳු සිටි රාශියයි. කේන්ද්‍රයේ දෙවැන්නෙන් ප්‍රකාශ වන්නේ කෙනෙකුගේ මුහුණ හා යහපත් කතාවයි. එම සුභ ග්‍රහයන් විසින් දක්නා ලද දෙවැන්නාධිපති කේන්ද්‍රගතවද, දෙවැන්නේ සුභයන්ද සිටියදී උපන් තැනැත්තී දුටුවන් පි‍්‍රයකරන කතක් ලෙසද,දෙවැන්නේ උච්චයෙන්ද, මිත්‍රරාශියේද. ස්වකීය වර්ගවලටද හෙවත් කේන්ද්‍රගතව සිටියදී උපන් ස්ත්‍රියට ශි‍්‍රයාවන්ත බව පෙන්වන රූමත් මුහුණක් හිමිවන්නේය. “සර්වාර්ථ චින්තාමනි” යේ සඳහන් වන පරිදි කේන්ද්‍රයේ දෙවැන්න රූමත් මුහුණක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපායි. තවද ගැහැනියකගේ කේන්ද්‍රයේ චන්ද්‍රයාගේ පිහිටීමද වැදගත් වෙයි. චන්ද්‍රයා පුරපසවී ශුභ ස්ථානගතව සිටීමද වැදගත් ය. ලග්නය හෝ චන්ද්‍රයා, වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර,මීන යන රාශින්ගෙන් එකක්වූ කල්හි රූපකාය මෙන්ම ගුණවත් කමින්ද යුක්ත වන්නීය. යම් ස්ත්‍රියක් උපන්කල සෞම්‍ය ග්‍රහයන් තිදෙනෙක් විසින් දක්නා ලද හෝ සෞම්‍ය ග්‍රහයන් තිදෙනෙක් සමඟ සිකුරු සත්වැන්නේ සිටියහොත් ඇයද රූපශ්‍රීයෙන් යුතු මුතු,රන් ආභරණ පලඳින ස්වාමියාට පි‍්‍රයවූ ගුණවන්තියක් වෙයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

හිඹුටානේ

පියතිලක ද

අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.