අකුරු කියවීමට අති ප්‍රබල සරස්වතී යෝගයක්

අගෝස්තු 30, 2019

තවත් නොබෝ දිනකින් උදාවන සැප්තැම්බර් මාසයේ ඔබගේ සිඟිති දුවට හෝ පුතාට අකුරු කියවීමට ඉතාමත් ප්‍රබල හා බලගතු සරස්වතී යෝගයක් සහිත සුබ නැකැතක් 2019 සැප්තැම්බර් මස 25 වන බදාදා දින උදා වනු ඇත. මෙවැනි බලගතු සුබ මුහුර්ථයකින් දරුවෙකුට අකුරු කියවීම තුළින් එම දරුවා අනාගතේ මෙරට ඉතාමත් දැනුමැති අධ්‍යාපනයෙන් පරතෙරට ගිය සමාජයට වැඩදායී යහපත් උගතෙකු වනු නොවනුමානය.

සුබ නැකතට අකුරු කියවීම.

මෙම චාරිත්‍රය දරුවෙකුගේ ජීවිතයේ අතිශය වැදගත් වූ චාරිත්‍රයකි. එම දරුවා සමාජයේ යහපත් මෙන්ම දැන උගත් පුරවැසියෙකු වීමට නම් ඉතාමත් සුබ වේලාවක මෙම කටයුත්ත ඉටු කළ යුතු ය. මෙම චාරිත්‍රය එදා මෙන්ම අදත් සුබ වේලාවකට සිදු කිරීමට අප ජන සමාජය තුළ ඇත්තේ ඉමහත් වූ උනන්දුවකි. ඒ අනුව පුරාණයේ නම් දරුවාට අකුරු කියවීම යෙදී ඇති සුබ වේලාව තුළ කැවුම් කිරිබත් ආදිය රැගෙන ගමේ පන්සලට හෝ අකුරු කියවන වියතාණන්ගේ නිවෙසට හෝ යාම සිරිතයි. ඒ අනුව ඡ්‍යොතිෂානුකූලව දරුවාගේ උපන් ජන්ම නැකතට සීහෙන ලෙස යොදාගත් සුබ වේලාව තුළ හාමුදුරුවන්ට හෝ ගුරුවරයාට බුලත් අතක් පිළිගන්වන ළමයා ගුරුවරයාගේ දෙපා මත සිරස තබා පළමුව වඳී. ඉන් අනතුරුව ගුරුවරයා විසින් අදාළ පොත දරුවා අත තබා ‘ස්වස්ති සිද්ධම්’ (යහපතක්ම වේවා) යැයි පවසා දරුවා පොතට වැඳීමෙන් අනතුරුව අකුරු කීපයක් දරුවාට කියවා අකුරු කීපයක් දරුවා ලවා ලියවනු ලබයි. මුල් කාලීනව මෙම කටයුත්ත ගමේ පන්සල හෝ පාසලේ මුල් ගුරුවරයා මූලික කොටගෙන සිදුවුවත් අද වන විට එය වෙනස්ව එය ගෙදරම වැඩිහිටියෙකු විසින් කරන තත්ත්වයට පත් වී ඇත. කෙසේ වෙතත් මෙම සුබ කටයුත්ත දරුවාට හිතවත් උගත් බුද්ධිමත් ගුණ ගරුක වැඩිහිටියෙකු විසින් කළ යුතු ය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

සම්පත් එස්. කල්පගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.