කුජ ශනි යෝගය විවාහයට බලපාන හැටි

අගෝස්තු 30, 2019
විවාහය සඳහා කේන්ද්‍ර පරික්ෂා කිරීමේදී කුජ, ශනි සංයෝගය ඇති භාවය එම භාවයේ තත්වය කාරකත්වය මතින් උච්ච මිත්‍ර බව යෝගකාරක බව තුළින් යහපත් බලපෑමක් ඇති කරයිද නැත්නම් නීචව සතුරුව බාධක ග්‍රහයකු වශයෙන් අයහපත් බලපෑමක් ඇති කරයිද යන්න විමසිලිමත් විය යුතුයි. 
 
කුජ හෙවත් අඟහරු තරුව පෘථිවියට ඉතා සමීපව ගමන් කරයි. ලේ ධාතුවට අධිපති කුජ සටන්කාමිත්වය ,එඩිතර බව, ධෛර්ය ඔරොත්තුදීමේ ශක්තිය, ආත්මවිශ්වාසය තේජවන්තකම නියෝජනය කරයි. ලිංගික සහ කාම ශක්තිය ඇති කිරීමද කුජගේ කාර්යයකි. මේෂ, වෘශ්චික, රාශි දෙකේ අධිපතිකම ඇත්තේ කුජටය. මකර රාශියේදී උච්ච වන අතර කටක රාශියේදී නීච වේ. 
මුව ,සිරස, සිත , දෙනට යන නැකැත් තුන කුජට හිමිවේ. රවි, සඳු, ගුරු, කේතු, කුජට මිත්‍රවන අතර ශනි, සිකුරු සම ග්‍රහයන් වේ. කෙනෙකුගේ කේන්දරයක කුජ දුබලව අයහපත්ව පිහිටා තිබෙන්නේ නම් හදිසි අනතුරු, ගබ්සාවීම්, උෂ්ණය, ශරීරයේ දැවිල්ල ආදියට හේතු වේ. 
සෙනසුරු නපුංශක ශනි ඇති ග්‍රහයකු වශයෙන් හැඳින්වුවද පුරුෂ ගති ලක්ෂණ ඇති පාපී ග්‍රහයෙකි. මකර, කුම්භ යන රාශි දෙකේ සහ පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකත්වලද හිමිකම් සහ අධිපතිකම් දරයි. තුලා රාශියේදී උච්ච වන අතර මේෂ රාශියේදී නීච වේ. 
වෘෂභ, මිථුන , කන්‍යා රාශිවලදී සතුරු වේ. සෙනසුරු දුකට කැමති ග්‍රහයා ලෙස හඳුන්වයි. සෙනසුරුගේ බලපෑමෙන් කෙනෙකුගේ සිත ලෝකෝත්තර තත්වයට පත් කරයි. කාමය, රාගය , විවාහය ගැන සැලකිල්ලක් නොදක්වන අතර ජය පරාජය නොබලා කටයුතු කරයි. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
ඡ්‍යොතිෂවේදී 
වාස්තු විද්‍යා උපදේශක 
යාන්ත්‍රික ඉංජිනේරු 
නිශාන්ත විජේසේන
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.