සුරගුරුගෙන් පිදුම් ලද ලොව සදාතනික පුෂ්පරාග

සැප්තැම්බර් 6, 2019

ග්‍රහ ලොව ගුරු හෙවත් සුරගුරු නමින් පෙනී සිටින බ්‍රහස්පති ග්‍රහයාගෙන් සිදුවන ශුභ අශුභ ක්‍රියාවලියෙදි පුෂ්පරාග ගලක් පැළැඳ ගැනීමට පෙර එම ගල පිළිබඳත් පැළඳගත යුතු ආකාරයත් එය සිදුවිය යුත්තේ කෙසේදැයි

විමසා බලමු.

ජන්ම කේන්ද්‍රයක ඉතාම වාසනාවන්ත ග්‍රහයා වන්නේ ගුරු ය. ගුරු හඳුන්වා දී තිබෙන්නෙ රන්වන් කේශ ඇති සියලු ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුන රන්වන් වස්ත්‍ර ඇඳි ඔටුන්නක් හිස පැළඳ මිනිසකු පිට නැඟි සිටින තේජවන්ත පුරුෂයෙකු ලෙසය. ගඳ සුවඳ දැනීමෙන් ඇතිවන හැඟීම් ඇතිවන්නේද ගුරුගෙන් ය. බලවත් ගුරු ග්‍රහයාට අයත් අපලවලදී මෙන්ම ශුභ කාල වලදී ජන්මියාගේ ශරීරයට ස්පර්ශ වනසේ පැළඳීමට ඡ්‍යොතිෂවේදියා නියම කරන මෙම මාණික්‍ය රත්නය පිළිබඳ යම් පමණක හෝ දැනුම්වත් කිරීමක් සඳහා මෙය ලියමි.

ග්‍රහ ලොව ගුරු හෙවත් සුරගුරු නමින් පෙනී සිටින බ්‍රහස්පති ග්‍රහයාගෙන් සිදුවන ශුභ අශුභ ක්‍රියාවලියෙදි පුෂ්පරාග ගලක් පැළැඳ ගැනීමට පෙර එම ගල පිළිබඳත් පැළඳගත යුතු ආකාරයත් එය සිදුවිය යුත්තේ කෙසේදැයි විමසා බලමු. කොරැන්ඩා කුලයේ ප්‍රබලයකු වන පුෂ්පරාග හෙවත් (කඥතධඹ ඉචනනඩඪපඥ) තද වර්ණ කහපාටේ සිට ලා වර්ණ කහ දක්වා ඇති අතර මෙහි දෘඪථාවය 9 වේ. මෙම ධන උල්පතක් වන පුෂ්පරාග අද වන විට විවිධ වංචනික පුද්ගලයන් විසින් නොයෙකුත් රසායනික ප්‍රතික්‍රියාවලට ලක්කර විකිණීම ඉතා සුලබය. මෙහි ඇති ඇලමිනියම් ඔක්සයිඩ් යන රසායනික සංයුතිය වෙනස් කිරීම සඳහා එක්ස් රේ කිරණ ගලට කා වද්දා ඒ තුළින් තද කහ වර්ණ හා රන්වන් පාට ගැනීමත් සිදුකරනු ලබයි. මෙවැනි ප්‍රතිකර්ම මඟින් නිර්මාණය කරන පුෂ්පරාග පැළඳ ගැනීම නිසා අක්මාවේ රෝග ශරීරයේ මේද වැඩිවීම ගැස්ට්‍රයිටීස්, සමේ පිළිකා කාරක හා හදවත්රෝග ඇතිවීම ඉතා වැඩි ඉඩකඩක් පවතී. ඔබ විසින් කොහෙන් හෝ මැණික් ගලක් පුෂ්පරාගයක් තෝරගන්නේ දැනුවත්කමක් ඇති ඒ පිළිබඳ විශේෂ පුද්ගලයෙකුගේ උපකාරය ගන්නේ නම් බොහෝ විට නියම පුෂ්පරාග ගලක් ලබා ගත හැකි වේ.

තවද ධනයට අධිපති මැණික් ලෙස හඳුන්වන මෙම පුෂ්පරාග නිසා ධනවත්වීම සමාජ ආකර්ශනය හා පි‍්‍රයවීම, ඉගෙනීම, නිරෝගිකම, නීති ගරුක බව, රටෙන් හොඳ නම ඇසීමමෙන්ම බොහෝ බෝ නොවන රෝගවලට පිළියම් ලෙසත් මෙම මැණික් වර්ගය ඉතා විශිෂ්ටය.

මෙම පුෂ්පරාග මැණික් ඉතා ශුභ වන්නෙ කටක, මේෂ, සිංහ, ධනු, මීන රාශිවලට අයත්ව උපන් අයනවන අතර ධනු හා මීන ලග්නයෙන් උපත ලැබූ ගුරු බලවත් ස්ථානවල පිහිටි අයට මහා සිටුවරයෙකුගෙ තත්ත්වයට ජීවතය ඔසවා තැබිය හැකි බව පුරාණ ග්‍රන්ථවල සඳහන් කර ඇත.

මෙම මැණික් තමන්ගේ බරට අනුව කැරට් 1 සිට 9 දක්වා ප්‍රමාණවලින් පැළඳිය යුතු අතර එම මැණික් නිවැරදිව කප්පවා නිවැරදි නැකත් වේලාවට රන් මුදුවකට අල්වා ගත යුතු වේ. මේ ගල් ඇල්ලීමේදී නැකත් ලබා දුන්නද ගල් අල්ලන වැඩ පොළේදී එය නියමිත ආකාරයෙන් සිදුවන්නේ ද යන්න සැක සහිතය. නිවැරදිව සකස් කර ගත් මුදුව නැවුම් එළකිරිවල පැය 4 ක් තබා පිරිසුදු පැන්වලින් සෝදා නැවත පැය එක හමාරක් හෝ ඊට වඩා කාලයක් එළකිරිවල ගිල්වා තබා නැවත සුවඳ පැන්වලින් සෝදාගෙන නිවැරදි මල් තටුව මත තබා ජීවම්කර යුතු වේ. එහෙත් අද වන විට බොහෝ අය මුදල්ගෙන සේවාදායකයාට කැමති වේලාවක අතට දමා ගන්නා ලෙස පවසනවා පමණක් නොව පැළඳවිය යුතු ආකාරය පවා නොපසවයි. මෙම වතාවත් ඉටුකර පළඳින්නාට ඉතා ශුභ දවසක ශුභ හෝරාවක පක්ෂියා රජ, භෝජන, අවස්ථාවක ශූක්ෂම හෝරාවකින් දකුණු අතේ දබරගිල්ලෙ හෝ මැදගිල්ලේ පැළැඳ ගැනීම තුළින් ඉතා විශේෂ ප්‍රතිලාභ ලැබිය හැකි වේ.

තවද හෙළ ඡ්‍යොතිෂයට අනුව විවිධ ගුරුකුලවල විවිධ පූජාතබා මැණික් පැළඳ ගැන්වීම සිදුකරන අතර මෙම ගුරුට අයත් පුෂ්පරාග ගලක් පැළඳ ගැනීමට පෙර පළ පුරුද්ද ඇති පළපුරුදු අයකු හමුවී මෙය පැළඳ ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම විග්‍රහය හොඳින් කියවා බලා ව්‍යාජ මැණික් වලට නොරැවටි ස්වභාවික පුෂ්පරාග පැළඳ ගැනීම තුළින් නිරෝගි ධනවතකු වීම පමණක් නොව අද දෙමාපියන්ට හා සති අන්ත පුවත්පත්වවල දැන්වීම් පළකර සුසුම්ලා මනාල මනාළියන් සොයන ඔබටත් ඉක්මන් විවාහයකට මගපාදා ගැනීමේ වාසනාව විවර කරගත හැකි බව අප අත්දැකීමෙන් හා විශ්වාසයෙන් සඳහන් කරමි.

ඡ්‍යොතිෂවේදී

රත්න ශ්‍රී සෙනරත්

හොරණ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.