භූතයන්ගෙන් උදව් ගන්න එපා

සැප්තැම්බර් 6, 2019
අප වෙසෙන විශ්වය තුළ මනුෂ්‍යයන්, තිරිසන්, පේ‍්‍රත භූත යන මනුෂ්‍ය, අමනුෂ්‍ය දෙවර්ගයම වාසය කරන බව පිළිගෙන ඉවරයි. විශේෂයකට තිබෙන්නේ ඒ අයගේ සංඛ්‍යාව, ගැවසෙන ස්ථාන හෝ ප්‍රදේශ හා කාලසීමාව සම්බන්ධව දීර්ඝ නිර්ණය කර නැහැ. 
කලින් සඳහන් කළ පරිදි එහෙම කොටසක් නැහැ කියන මතයෙන් බැහැරව අපි ඉන්නවා. ඒක භූත විද්‍යාව ස්ථිර කිරීමක්. මෙවැනි දේ විශ්ලේෂණය කිරීම ඉතාම දුෂ්කරයි. දුර්ලභයි. ඒ අයවලුන්ගෙන් කීපයක් පියවි ඇසට නොපෙනෙන නිසා යයි කිව්වොත් නිවැරදියි. මේවා දැක ඇති අය ගැන පොත පතේ සඳහන් වුවත් වර්තමානයේ පියවි ඇසින් දුටු අය ඉතා විරල වීම මීට හේතුවයි. 
දෘශ්‍යමාන සත්වයන් වන මිනිසුන් හා සත්වයන් අතරද ප්‍රධාන වශයෙන් වෙනස්කම් ඇත. සාමාන්‍ය වශයෙන් සඳහන් කළොත් ලොව මැව් දෙවියා යයි නම් කළ තැනැත්තා විසින් ජීවත්වීම සඳහා දිවා කාලයද විවේක ගැනීම සඳහා රාත්‍රි කාලයද වෙන්කරන ලදී. මේ සඳහා ග්‍රහ කිරණ පොළොවට පතිත වීම සාපේක්ෂිතවය. දහවල් කාලයට ගහකොළ අම්ලකර ලබා දෙන්නෙත් මේ අනුවමය. මිනිසුන් දිවා කාලයේදී කාර්යවල යෙදෙන අතර රාත්‍රි කාලයේදී විවේක ගන්නා අතරම සතුන් ඊට විරුද්ධව රාත්‍රිකාලයේ ස්වකීය කාර්යවල යෙදෙන අතර දිවා කාලයේදි විවේක ගැනීම සිදුකරයි. මීට මුළුමනින්ම විරුද්ධව අදෘශ්‍යමානව සත්වයා සම්පූර්ණයෙන්ම රාත්‍රී කාලයේදී ස්වකීය කාර්යයන් වල යෙදීම කරන අතර පූර්ණ කළුවර වේලාව තුළ දී ස්වකීය ක්‍රියාකාරකම් වල යෙදේ. වැඩිපුරම මෙම ක්‍රියාව චන්ද්‍රයාගේ ක්‍රියාකාරීත්වය මත රඳා පවතී. 
 
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 
පාරම්පරික ගුප්ත විද්‍යාධර 
ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ 
මොරටුවේ 
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.