මරු කැඳවන ග්‍රහයෝග

සැප්තැම්බර් 13, 2019

මනුෂ්‍ය ලෝකයේ උපත ලබන සෑම සත්වයෙකුටම මරණය නියතය. ධනය,කුලය හෝ වෙන යම් මොනම ඇත්තකුට වුවත් මරණයෙන් බේරීමට හැකියාවක් නැත.

මනුෂ්‍යයෙකුගේ පරමායුෂ අවුරුදු 120 යයි සඳහන් වන නමුත් නොයෙක් වයස්වලදී මිය යන අය දැක ගත හැකිය.

ජන්මියකුගේ වයස අවුරුදු 24 දක්වා කාලය බාල කාලය වශයෙන් හඳුන්වන අතර එම කාලය අතරතුර මිය යාමට හේතුවන ග්‍රහයෝග බාලාරිෂ්ඨ යෝග වශයෙන් හඳුන්වයි.

එබැවින් බාල කාලයේදී මරණයට හේතු කරන ග්‍රහ යෝග පිළිබඳව විමසා බලමු.

කෙනෙකු උපත ලබන මොහොතේදී රවි, චන්ද්‍ර, දෙදෙන ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටියට ලක් නොවී කේන්ද්‍ර ගතව සිටියදී ඔවුන් සමඟ පාප ග්‍රහයන් සංයෝගව සිටියේ නම් එම දරුවා උපන් වහාම මිය යයි.

උපතේදී රවි, චන්ද්‍ර දෙදෙනා ශුභ ග්‍රහයන්ගේ දෘෂ්ටි නොලැබ පාප ග්‍රහයන්ගේ අශුභ දෘෂ්ටි සංයෝගය ලැබී දුර්වල වූයේ නම් එම ළමයාගේ ළදරු බිය ඉක්මවීමට අපහසුය.

දරුවකු උපදින මොහොතේ ලග්නයේ සඳුත් සිව්වැන්න , සත්වැන්න සහ දසවැන්න යන ස්ථානවල පාප ග්‍රහයින් සිටියේ නම් එම දරුවා ඒ මොහොතේම මිය යයි.

උපතේදී කුමන රාශියක හෝ නව වැනි නවාංශකයේ සඳු සිටියදී එම සඳු සෞම්‍ය රාශියක හෝ නව වැනි නවාංශකයේ සඳු සිටියදී එම සඳු සෞම්‍ය ග්‍රහයින්ට නොපෙනේ නම් පස්වැන්නේ සහ නව වැන්නේ පාප ග්‍රහයෝ සිටියේ නම් එකල උපන් අය වහා මිය යයි.

ලග්නයේ සඳුද අටවැන්නේ කුජද නවවැන්නේ රවිද දොළොස්වැන්නේ සෙනසුරුද සිටියදී දුර්වලවූ ගුරුට මොවුන් නොපෙනේනම් එකල උපන් අය වහා මිය යයි.

ක්ෂීණ සඳු පාප ග්‍රහයන් සමඟ ලග්නය සහ හත. අට, නවය ,දොළහ යන තැන්වලින් එකක සිටියදී බලවත්වූ ශුභ ග්‍රහයන්ට නොපෙනේ නම් ඒ මොහොතේ උපන් අය වහා මිය යයි.

දුර්වල වූ චන්ද්‍රයා ලග්නයේ සිටියදී අටවැන්නේ කේන්ද්‍රස්ථාන වලත් පාප ග්‍රහයන් උපන් අය වහා මිය යනු ඇත.

පාප දෙදෙනෙකු අතර වූ සඳු සිව්වැන්නේ හෝ හත්වැන්නේ හෝ අටවැන්නේ සිටියහොත් එකල උපන් අය වැඩි කල් නොගොස් මිය යනු ඇත.

සියලු සෞම්‍ය ග්‍රහයන් රාශි අන්තවල සිටින අවස්ථාවක එම සෞම්‍යයන්ට සඳු නොපෙනුණොත් හෝ සඳු හෝ රවි ලග්නයේ සිටියදී එහෙත් නවයෙත් අටේත් පාප ග්‍රහයෝ සිටියේ නම් එකල උපන්නේ අය වහා මිය යයි.

දසවැන්න කුජගේ රාශියක් වූ මේෂ, වෘශ්චික හෝ සෙනසුරුගේ රාශියක් වූ මකර, කුම්භ හෝ වී රවි සිටියදී ඒ රවි සියලු පාපයන්ට පෙනේ නම් එකල උපන් අය වැඩිකල් ජීවත් නොවේ.

පස්වැන්නේත් ,නවවැන්නේත්. පාප ග්‍රහයොත් හය, අට, දොළහේ ශුභ ග්‍රහයොත් සිටියදී ඉර පායා එන විට උපන් අය ඒ මොහොතේ දී මිය යනු ඇත. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.