මහා ගුණ දෙන බුදුගුණ යන්ත්‍රය අභිසම්භිධානය

සැප්තැම්බර් 13, 2019

මේ යන්ත්‍ර රාජයා ගැන ඔබ කොතෙකුත් අසා ඇති බව දන්නවා. නමුත් මෙම යන්ත්‍රය ගෙල බැඳීමෙන් බොහෝ අවස්ථාවලදී ගුණ නොලැබූ බව රහසක් නොවේ. එසේ නම් ඉන් ගුණ නුදුන්නේ ඇයි? ඔබ කරන්නන් වාලේ කරන්න ඇති හෝ අනියම් ආකාරයට පළදින්න ඇති. මට කියන්න තිබෙන්නෙ එච්චරයි. හරියට යන්ත්‍රයක් ශරීර ස්පර්ශ කළොත් තමුන්ට දැනෙන්න ගුණ ලැබෙනවා.

අභිසම්භිධානය කියන්නෙ ලෙහෙසි පහසු යන්ත්‍රයක් නොවේ. මරණාසන්න කෙනෙකුට නිවැරදිව මේ යන්ත්‍රය ශරීරයට ස්පර්ශ කළොත් මරණයෙන් පවා බේරෙනවා . මහා අකුසලයක් නොවෙයි නම්. ඒක සත්‍යයි. එහෙනම් ගුණ නුදුන්නෙ ඇයි? යන්ත්‍ර විද්‍යාව කිව්වේ ඡ්‍යොතිෂයට අයත් ඉපැරණි විද්‍යාවක්. ඔය භූත විද්‍යාව ගුප්ත විද්‍යාව වගේම දීර්ඝ ඉතිහාසයක් තිබෙන වටිනා ශාස්ත්‍රයක්. තඹ පත්‍ර නැති කාලේ පුස්කොළ පතේ පංහිඳ ආශි‍්‍රතවයි යන්ත්‍රය නිර්මාණය කළේ. නමුත් මේ යන්ත්‍රය බැඳීමෙන් නියම පල නොලැබූ බව ඔබේ දුරකතන පණිවුඩ හා ලිපි වලින් මට වැටහෙනවා.

යන්ත්‍ර බැඳීමේදී එක එක වර්ගවලට යන්ත්‍ර පලඳිනවා. වශී, භූත බලවේග, ලෙඩදුක් යක්ෂදෝෂ වගේ කාරණා ගොඩක් තිබෙනවා. එක එක දෝෂවලට අනිවාර්ය යන්ත්‍ර තිබෙනවා.උදාහරණයක් වශයෙන් ඔබ දන්න සරල එකකින්ම පටන්ගන්නම්කෝ. ඔබ දන්නවා සෙනසුරු ලග්නයේ හෝ චන්ද්‍රයා ඉන්න තැන හෝ අටවැනි රාශිය නැත්නම් අෂ්ඨමය හරහා යනකොට සෙනසුරු ඒරාෂ්ඨකය ලබන බව. සෙනසුරුට ඔක්කොම අවුරුදු 19 යි. ඒ වුවත් සෙනසුරු මහ දසාවේ සෙනසුරු අතුරු දශාව අවුරුදු 03 දින 03 යි. ඒක බලයි. මේ කාලෙට ශනි මුත්‍යජ්ජය යන්ත්‍රය හැරෙන්න වෙන යන්ත්‍ර කිසිවක් දාලා හරියන්නෙ නැහැ. අපිට සෙනසුරු අපල කරනව කියල.

ඡ්‍යොතිර්වේදී මහත්මයා කිව්වටම බැහැ. අනික සෙනසුරු මේ රාශිවල ගිය පලියටම ඒරාෂ්ඨක කරන්නෙත් නැහැ. ඒ ගැනත් ටිකක් හිතන්න. සමහර ඡ්‍යොතිර්වේදීන් කියා ගත් ඡ්‍යොතිර්වේදීන් සෙනසුරු කේන්දරයේ ඔබ කිව් රාශින් හරහා යනකොටම මිනිසුන් බය කරල යන්ත්‍රය දාන්න කියනවා. එහෙම කරන එක හොඳ නැහැ. නියම මහත්මයා එහෙම කරන්නෙත් නැහැ. සෙනසුරු අද මේ රාශිවලට ආ පලියට හෙට අපල කරන්නෙත් නැහැ. නියම ඒරාෂ්ඨක ය නරක තමයි. ඒත් අපල කරනවද කියල බලාගන්න එපැයැ. කොහොමද ඒක දැනගන්නේ. “නිත්‍යං විවාද වධභන්ධන රෝග පීඩා – භන්ධෝ සද්‍රා විමුක්තං වර මිත්‍ර වෛරම්” මේ ස්ලෝකේ කියැවෙන ලක්ෂණ පහළ වෙනවා. එතකොට ඉතින් යන්ත්‍රය පැලැන්දොත් හොඳයි. ඔය වගේම තමයි කේතු ග්‍රහයා නරක් උනාට.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

පාරම්පරික ගුප්ත විද්‍යාධර ඡ්‍යොතිර්වේදී – ඡ්‍යොතිෂ විද්‍යා
මීපේගණිතගේ රන්ජිත් විද්‍යාරත්න
මොරටුව 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.