කෘෂිකාර්මික ජන දිවියට ශ්‍රී කාල සම්පත්ති ජය මුහුර්තයක්

සැප්තැම්බර් 20, 2019

නඩුහබ, සතුරු කරදර, දුරීභූත කරන තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ සඳහා විජයග්‍රහණයට රැකියා ලාභ ගෙනදෙන නිලතල, තනතුරු, නම්බුනාම, කීර්ති, ප්‍රශංසා උදාකරන සකළවිධ කාර්යයභාරයන් ආශි‍්‍රතව අභිමතාර්ථ සඵල කරදෙන දුර්ලභ ගණයෙහිලා පවතින ගුණාත්මක මෙන්ම ධනාත්මක මෙකී යෝගබලය සැප්තැම්බර් 25 වෙනි බුධ දින පස්වරු 07.10 ට දකුණු දිශාව බලා උදාවෙන්නේ ය.

බ්‍රහස්පති හිමි මීන රාශි උදාවේ හත් වැන්නේ චතුර්ග්‍රහ යෝග බලය ද ලග්නාධිපති මෙන්ම දහ වැන්නවූ කර්මස්ථානාධිපති වූ බ්‍රහස්පති නව වැන්නෙහි එනම් භාග්‍යස්ථානගතව යෙදී ඇත්තේ ය. අද, පුනාවස, පුෂ, අස්ලිස, මා, පුවපල් නැකත් හිමි ජම්ම ලාභිනට මෙන්ම රෙහෙණ, හත, සුවන, අද, සා, සියාවස, පුෂ, අනුර, උත්‍රපුටුප, අස්විද, මා, මුල, පුවපල්, පුවසල, බෙරණ, නැකත් හිමියනට ද සීහුම් බලයි. ඉ, ඡ, න, ම, ශ නාමාක්ෂර නාමයන් හිමියනට ද අතිශය ප්‍රශස්ත සුබ මුහුර්තයෙකි. සතුරන් මිතුරු වෙන ස්වකීය සිතැඟියාවන් ඉටුවෙන රාජ රාජ මහා මාත්‍යයන් වසඟයට පාත්‍රවෙන අමනාපවුවන් මනාපවෙන අන්‍යයන්ගේ කාරුණික අනුග්‍රහය ගලාඑන පිංගල (බකමූණු) පක්ෂියා හිමි සැමටද විජයග්‍රහණය ගෙනදෙන යමකාල පඤ්ච පක්ෂි මුහුර්ත සම්ප්‍රදායට අනුකූල උදාරතර මුහුර්තයක් බැව් වැඩි දුරටත් සඳහන් කළ හැකි ය. බිනර මහේ දොළොස්වක (භද්‍රා) තිථිය බදාදා දවස අස්ලිස නැකත - පිංගල පක්ෂියාගේ හෝජන සමය, මීන රාශි උදාවද යෙදී පිංගල පක්ෂියාගේ ශ්‍රී කාලසම්පත්ති ජය මුහුර්තිය විද්‍යාමාන වෙන්නේ ය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.