අත්ලේ ලියැවුණ දෛවයේ සටහන්

සැප්තැම්බර් 20, 2019

මත්ස්‍ය සලකුණ ඉතාමත් සුබ ඵල ගෙන දෙන පිහිටීමකි. අනේකවිද භවභෝග සම්පත් ලැබීමට හේතු වන්නකි. කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණ පිහිටා තිබේනම් ඇයට ලක්ෂ්මී යෝගය උදාවන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපුන්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය.

 

අත්ලක් පරික්ෂා කිරීමෙන් අත්ලේ පිහිටි රේඛා ග්‍රහ මණ්ඩල මෙන්ම අත්ලේ පිහිටි විශේෂ සලකුණුූ මගින්ද කෙනෙකුගේ ජීවිතයේ සුබ අසුබ පැවසිය හැකිය. එක් එක් පුද්ගලයාට අනන්‍යවු ලක්ෂණ ඒ තුළින් දැකිය හැකිවන අතර එමගින් ඔහුගේ හෝ ඇයගේ ගතිගුණ චරිත ලක්ෂණ මෙන්ම වාසනාව හා අවාසනාවද පෙන්නුම් කරයි. දැන් ඔබේ අත දිග හැර මෙම සලකුණු ඇති ද කියා බලන්න.

ත්‍රිශූලය 1

උල්තුනකින් සෑදුන සලකුණ ත්‍රිශූලය ලෙස හඳුන්වයි. කිසියම් රේඛාවක් මුල හෝ අග පිහිටන මෙම ත්‍රිශූල ලකුණ එම රේඛාවෙන් උත්පාදනය වන බල ශක්තිය තුන් ගුණයකින් වැඩිවෙන බව කියැවේ. අත්ලේ ග්‍රහ මණ්ඩල මත ස්වාධීනව පිහිටන මෙම ලකුණ ගුරු මණ්ඩලයේ ( දබරඟිල්ලේ මුල) දිස්වන අය ධනවත් වෙයි. ආගමික ඇති අයගේ ත්‍රිශූල සලකුණ ශනි මණ්ඩලයේ විද්‍යමාන වන අතර රවි මණ්ඩලයේ එය පිහිටීමෙන් ප්‍රසිද්ධ පුද්ගලයෙකු වන බවද, බුධ මණ්ඩලයේ එම සලකුණ ව්‍යාපාරවල දියුණුවත්, චන්ද්‍ර මණ්ඩලයේ එය පිහිටීමෙන් ගුප්ත විද්‍යාවේ දක්ෂතාවද, සිකුරු මණ්ඩලයේ ත්‍රිශූල ලකුණින් රාගාධික පුද්ගලයෙකුද හඳුන්වා දෙයි.

චතුරස්‍ර හෙවත් කොටු සලකුණු 2

මෙය අනතුරු විපත් ආදියෙන් ආරක්ෂා කිරීමේ සලකුණක් ලෙස සැලකේ. කිසියම් රේඛාවක හෝ මණ්ඩලයක අනිෂ්ටඵල ප්‍රකට කෙරෙන ස්ථානයක . කොටු සලකුණ පිහිටීමෙන් එමගින් ලැබිය හැකි උවදුරුවලින් ආරක්ෂා වේ. ඇතැම්විට ප්‍රධාන රේඛා විහිද යෑමේදී එම රේඛාව අතරමගදි කැඩී ටික දුරක් කිසිම සටහනක් නොමැතිව හිස්වෙන්නට හැර එසේ තිබියදී නැවත රේඛාව විහිද යයි. එබඳු අවස්ථාවක කැඩුණ රේඛා කැබලි දෙක ස්පර්ශ වන සේ ඒ මැදින් කොටු සලකුණක් පිහිටීමෙන් ප්‍රධාන රේඛාව කැඩීමෙන් ඇතිවන අනිෂ්ට විපාක මග හැරේ. ජීවන රේඛාවේ එසේ වු විට මරණය සහිත රෝග වලින්ද, ශීර්ෂ රේඛාවෙන් නම් මානසික ආබාධවලින් ද රවි රේඛාවේ නම් කීර්තිය හා ධන හානිවලින්ද, දෛව රෝඛාවේ නම් ආපදා, ධනහානි, තත්ත්වයෙන් පහත වැටීම් ආදියෙන්ද අත් හිමියාට ආරක්ෂාව සැලසේ.

දැල් සලකුණ 3

දිගට, හරහට පිහිටියාවූ සිහින් රේඛා සමූහයක් එකිනෙක කැපී යන ආකාරයෙන් පිහිටිවිට දැල් ආකාර සලකුණක් වේ. මෙම සලකුණ අත්ලේ කුමන ස්ථානයක පිහිටියත් සුබ ලකුණක් නොවන බව සාමුද්‍රක ශාස්ත්‍රයේ සඳහන් වෙයි. ගුරු මණ්ඩලය මත දැල් සලකුණක් පිහිටියේ නම් ගුරු මණ්ඩලයෙන් ලැබිය හැකි ශුභපල වැළකේ. ඔවුන් හිතුවක්කාරකම්වලට පෙළඹේ. පහත් පෙළේ ක්‍රියාවන්ට යොමුවීමෙන් සමාජයේ අගෞරවයට ලක් වේ. ශනි මණ්ඩලයේ නම් සිත් පීඩා බහුල කල් ගතවෙන රෝග වැළදීමට ඉඩ ඇත. බුධ මණ්ඩලයේ නම් වංක ගති ඇත්තෙකු වන අතර චන්ද්‍ර මණ්ඩලයේ නම් මානසික දුර්වලතා ඇතිවීමට හේතු වෙයි.

මත්ස්‍ය සලකුණ 4

මත්ස්‍ය සලකුණ හෙවත් මාළුවෙකුගේ සලකුණ මණ්ඩල මත වගේම රේඛා ආශි‍්‍රතවත් පිහිටිය හැකිය. රේඛා බණ්ඩි ගැසීමෙන් බොහෝවිට මෙම ලකුණ පිහිටීමට ඉඩ ඇත. මත්ස්‍ය සලකුණ ඉතාමත් සුබ ඵල ගෙන දෙන පිහිටීමකි. අනේකවිද භවභෝග සම්පත් ලැබීමට හේතු වන්නකි. කාන්තාවකගේ අතක මාළුවෙකුගේ ලකුණ පිහිටා තිබේනම් ඇයට ලක්ෂ්මී යෝගය උදාවන බව ශාස්ත්‍රීය නියමයයි. වාසනාවන්ත පුරුෂයෙකුට බිරිඳ වන ඇය සුපුන්වත් දූ පුතුන් ලබන ජාතියේ ශ්‍රේෂ්ඨ මාතාවක් වන්නීය.

කරු සටහන 5

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.