බුධ අඟහරුගේ භවනට රාජ්‍ය පරිපාලන කටයුතුවල සෘජු බවක්

සැප්තැම්බර් 27, 2019

ග්‍රහ මණ්ඩලයේ සියුම් බුද්ධිමතා වූ බුධ තමාට සම රාශි භවනක් වූ අඟහරුට අයත් වෘශ්චික රාශියට 2019 ඔක්තෝම්බර් මස 23 වන බුධ දින රාත්‍රී 11 පසුවී විනාඩි 24 ට පිවිස 2019 නොවැම්බර් 1 වන දින වක්‍ර වෙමින්ද 2019 නොවැම්බර් 7 වන ගුරු දින සවස 3 පසුවී විනාඩි 32 ට තුලා රාශිගත වෙමින්ද නැවත 2019 දෙසැම්බර් මස 5 වන ගුරු දින උදේ 10 පසුවී විනාඩි 34 ට වෘශ්චික රාශිගතවෙමින්ද දෙසැම්බර් 25 වන දින සවස තුන පසුවී විනාඩි 46 දක්වාම බුධ වෘශ්චික රාශියෙහි ගමන් කිරීම සිදුවනු ඇත.

රාජ්‍ය පාලන කටයුතුවලට යහපත් කාලයක් වන අතර ප්‍රධාන ආයතනයන්හි ප්‍රධානීන්ගේත් රාජ්‍ය ප්‍රධානීන්ගේත් සෘජු තීරණ ගන්නාවූත් මහජන සුබසිද්ධිය වෙනුවෙන් වැඩි වශයෙන් ක්‍රියාවන් ක්‍රියාවට නංවන්නාවූත් කාල සීමාවක් වේ. රාජ්‍ය ප්‍රධානීන්ගේ සාර්ථක විදේශ සංචාර යෙදෙන වකවානුවකි. අධ්‍යාපන කටයුතු ආශි‍්‍රත දූ දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්ද යම් යම් ක්‍රියාමාර්ග ගනු ලබන කාලයකි. ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා මහජනයා වැඩි වශයෙන් පෙළඹෙන කාලසීමාවක් ද වේ.

 

ඡ්‍යොතිෂවේදී-

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.