ඔබට වින කරන ඇස්වහ කටවහ දෝෂ

සැප්තැම්බර් 27, 2019

උදේ පාන්දර කපුටන් හැඬීමට පෙර පිරිසුදු වතුර භාජනයකට ඉතිපිසෝ ගාථාව 108 වරක් හා “සම්බපාපස්ස අකරණං ගාථාව“ 108 වරක් මතුරා මුහුණකට සේදීම, බීමට ගැනීම, ගෙදර දොරට මෙන්ම ව්‍යාපාරික ස්ථානයන්ට ඉසීමෙන්ද ඇස්වහ කටවහ දෝෂයන් දුරුවනු ඇත.

ඇස්වහ, කටවහ හෝවහ යනු අද සමාජයේ ඉතා හුරුපුරුදු නම් වැලකි. ඇස්වහ යනු ඇස් මුල්කරගෙන නිකුත් වන ශක්තියකි. කටවහ යනු කටමුල්කරගෙන නිකුත් වන ශක්තියකි. හෝ වහ යනු සිත හෙවත් මනනේද්‍රිය මුල්කරගෙන ඇතිවන්නාවූ ශක්තියකි. මෙම තුන් වර්ගයෙන්ම සිදුවන්නේ අවැඩකි. මෙම දෝෂයන් සමාජයේ හැම පුද්ගලයෙකු කෙරෙත්ම දක්නට නොලැබෙන අතර, ඇතැම් පුද්ගලයන්ට පමණක් සීමා වූ ශක්තීන් වේ.

ඇස්වහ, කටවහ සහ හෝ වහ තරංග විද්‍යාවට අයත් අපේ ඉන්ද්‍රියයන් හා විඤ්ඤාණය සමඟ බද්ධ වූ ශක්තියකි. යම්කිසි කරුණක් අරමුණු කරගෙන කරන ලද ප්‍රකාශයක් හෝ නෙත ගැටීමක් හෝ සිතිවිල්ලක් මේවායේ ආරම්භයට මුල්වනු ඇත.

උපතේදී කර්ම විපාකය මත පදනම්ව විඤ්ඤාණය මුල්කරගෙන උරුමවන මෙම ශක්තිය ඇති පුද්ගලයන්ගේ ඇසින්, සිතින් මෙන්ම වචනයෙන්ද නිකුත් වන තරංග වාතයට මුසුවීමෙන් අදාළ හානිය ක්‍රියාත්මක කරයි. වයස හෝ තරාතිරම ගැන පමණක් නොව ගහකොළවලට සතාසිවුපාවාට ගේ, දොරවලට පවා මෙම දෝෂ බලවත්වනු ඇත.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.