ඔබේ දරුවන් ගැන කියන කේන්ද්‍රයේ පස්වැන්න

ඔක්තෝබර් 4, 2019

මාපියන්ට දරුවන් තරම් උතුම් සම්පතක් තවත් නැත. මේ නිසා දරුවන්ගේ අනාගත දියුණුව සඳහා මාපියන් මොනතරම් වෙහෙසක් කැපකිරීමක් කරනවාද? එහෙත් ඒ මහඟු ගුණ ගැන සලකා දරුවන් මාපියන් වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් ඉටු කරන්නේ කීයෙන් කී දෙනාද? මෙය කෙනෙකුගේ කේන්ද්‍රයේ පස්වැන්නාධිපති, පස්වැන්නේ ඇති ග්‍රහයන් හා ඒවාට ඇති ග්‍රහ දෘෂ්ටි සහ ලග්නය හා ඇති යෝගවලින් මනාව පෙන්නුම් කරයි.

දරුවන්ගේ තත්ත්වය පැහැදිලි කරන්නේ කේන්ද්‍රයේ පස්වෙනි රාශිය හෙවත් පුත්‍ර ස්ථානයයි. මෙය හොඳින් පරික්ෂා කිරීමෙන් තමාට දරුවන් සලකාවිද යන්න දැනගත හැකිය. එමෙන්ම උපදින දරුවා මාපියන් වියපත් වූ විට සලකන කෙනෙක්දැයි දරුවගේ කේන්ද්‍රයේ බන්දු ස්ථානය හෙවත් හතරවන රාශිය බැලීමෙන් දැනගත හැකිය. එය ඔවුන්ගේ මාපියන්ගේ තත්ත්වය හා නෑදෑයන්ගේ තත්ත්වය පැහැදිලි කරන ස්ථානයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.