බලගතු නැකත මහිමය

ඔක්තෝබර් 4, 2019

හවුලේ කටයුතු නොකර අදමිටු මිතුරා පිටුදැක

තනියම දියුණු වෙන්නට සත්පුරුෂයකුට දෛවඥයකු දුන් නැකත

“අහන්ඩ කියන්ඩ දෙයක් නැහැනේ. මාව හම්බවෙන්න නොයෙක් ජාතිවල අය එනවා. තම තමන්ගෙ ග්‍රහචාර ගැන දැන ගන්නටත් ඉතින් ඒ ඒ අයගෙ නියම වතගොත දුටු ගමන්ම දැනගන්නටත් මේ කාලය ඇතුළත මට දැනුමක් ලැබිලා තියෙනවා.

ඒ නිසා ඔවුන්ට අනුව කටයුතු කරන්නත් මම පෙළඹිලා තියෙනවා. සාධාරණ ලෙස ජීවත්වන්නට හදන අයට ග්‍රහයින් අවහිර කරන අන්දමට නිසි පිළියම් යෙදීමට උපදෙස් ලබා දෙන්නට මට ලැබුණු අවස්ථාද බොහෝ යි. ඒව නිසි ලෙස ක්‍රියාත්මක වෙලා ඔවුන් දියුණුවට පත්වෙලත් තියෙනවා. සමහර අධර්මිෂ්ට පුද්ගලයින් තමන්ගේ තත්ත්වය සඟවා ගෙන මට බොරු මුහුණක් පෙන්වා ගෙන මගෙන් උපදෙස් ගන්නට ආවිට ඔවුන්ගේ එම දෙබිඩි ප්‍රතිපත්තිය දැන දැක අවබෝධයෙන් යුතුව මට කටයුතු කරන්න ලැබුණු අවස්ථාද බොහෝය.

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 15 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.