අකල් මරණවලට හිමිකම් කියන ග්‍රහයෝග

ඔක්තෝබර් 11, 2019

මෙලොව උපදින සෑම සත්වයෙකුටම මරණය නියත වේ. එහෙත් මේ මරණය සිදුවන ආකාරය විවිධාකාර වේ. ඇතැමෙකු ජීවිතයේ පරමායුෂ බුක්ති විඳින අතර තවත් කෙනෙකු අකාලයේ මිය යන අවස්ථාද අද අපට කොතෙකුත් අසන්න දකින්න ලැබේ.

වසවිස පානය, ගෙල වැලලා ගැනීම්, දියේ ගිලීම් , වාහන අනතුරු, විදුලිය මෙන්ම අකුණු සැර වැදීම වැනි බලාපොරොත්තු නොවු සියදිව නසා ගැනීම් ගැනද අද සමාජයේ නිතර අපට අසන්න දකින්න ලැබෙන සිදුවීම් වනු ඇත.මෙවන් අනතුරුවලට වයස් භේදයක් නොමැති අතර, උපන්දින දා පටන් කොයි මොහොතක හෝ මෙවැනි අකල් මරණයකට ගොදුරුවීමට ඉඩකඩ ඇත. බොහෝ විට සංසාර ගත පුරුදු ලෙස මෙවැනි අකල් මරණයන්ට ගොදුුරු වන අවස්ථාවන්ද ඇතිවේ.

ලග්නාධිපතිගේ දෘෂ්ටියට ලක් වූ චන්ද්‍රයා 6,8,12 වැනි දුෂ්ඨ ස්ථානයක සිටියදී ශනි, රාහු හෝ ගුලික සමඟ සම්බන්ධවීමද, එම ජන්මියා වේදනකාරි බිහිසුණු මරණයකට ගොදුරු වනු ඇත.

සෙනසුරු අසුබ ග්‍රහයෙකු සමඟ සම්බන්ධ වී තමාගේ සතුරු රාශියක හෝ නීච රාශියක වී හෝ හිරුට අස්ත වී හෝ කෲර අෂ්ඨාංශකයක හෝ සිටියදී සතුරු හෝ අයහපත් ග්‍රහයෙකුගේ දෘෂ්ටියට ලක්වුවහොත් එම ජන්මියා අතිශයින් වේදනාකාරි මරණයකට මුහුණපෑමට සිදුවෙයි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.