කවුද මේ බාධක ග්‍රහයා කියන්නේ ?

ඔක්තෝබර් 11, 2019

බාධක ග්‍රහයා කියන්නේ ජන්ම පත්‍රය අනුව කෙනෙකුගේ ජීවිතයේ එදිනෙදා කටයුතු සඳහා බාධා, කරදර, මෙන්ම අපල ගෙනදෙන ග්‍රහයා ලෙස තමයි ජ්‍යොතිෂයේදී පුරාණ ඉසිවරු විසින් හඳුන්වා දී තිබෙන්නේ.

තමන්ගේ කේන්දරේ එම ග්‍රහයා පිහිටි ස්ථානය අනුව ඔහු හා සබැඳී භාව පල, ස්ථාන පල මෙන්ම ග්‍රහ පල විනාශ කිරීම තමයි බාධක ග්‍රහයාගේ කාර්යය වෙන්නේ. සෑම කෙනෙකුටම ලග්නයක් තිබෙනවා. ලග්නයේ පෘථිවිය මැදි කොට ගෙන කොටු 12 ක් තුළ නවග්‍රහයන් ප්‍රධාන ග්‍රහයන් 12 දෙනෙකු සිටිනවා. මේ ග්‍රහයන් කෙනෙකු උත්පත්තිය ලබන අවස්ථාවේ හැටියට හඳහනේ කොටු කීපයක් තුළ විසිරි සිටිනවා. ඉතින් මේ ප්‍රධාන නවග්‍රහයන් අතරින් රාහු කේතු හැර අන් ග්‍රහයන් 7 දෙනාගෙන් එක් ග්‍රහයෙකු ඕනෑම කෙනෙකුගේ ජන්ම පත්‍රයේ ලග්නයට අනුව බාධක ග්‍රහයා වීමේ හැකියාව තිබෙනවා. ඕනෑම ලග්නයකට බාධක ග්‍රහයෙක් සිටින අතර ලග්න 12 ටම බාධක ග්‍රහයන් 12 දෙනෙකු සිටිනවා.

අප සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහයන් 12 දෙනෙකු සිටියත් ග්‍රහ බලපෑම මත අප විසින් ජ්‍යොතිෂයේදී මූලිකවම අවධානය යොමු කරන්නේ නවග්‍රහයන් වන රවි, සඳු, කුජ, බුධ, ගුරු, සිකුරු, සෙනසුරු, හා රාහු, කේතු යන ග්‍රහයන් ගැන පමණයි. මේ අතරින් රාහු හා කේතු කියන්නේ ජ්‍යොතිෂයේදී පමණක් අප යොදා ගන්නා ග්‍රහයන් නොව ඡයා ග්‍රහයින් නිසාත් ප්ලූටෝ, නෙප්චූන්, හා යුරේනස් යන ග්‍රහ ත්‍රිත්වය පෘථිවියට ඉතා ඈතින් පිහිටා ඇති නිසා අපට එල්ල වන බලපෑම අඩු නිසාත් මා ඉහත සඳහන් කළ බලපෑමක් සහිත රවි, සඳු ඇතුළු ග්‍රහයන් 7 දෙනා මෙම කාරණාවේ දී යොදා ගනු ලබනවා. එය ජ්‍යොතිෂ සිද්ධාන්තයක්.

ලග්න අනුව බාධක ග්‍රහයන්

පළමු හා දෙවන ලග්නයන් වන මේෂ හා වෘෂභ යන ලග්න 2 කට ශනි හෙවත් සෙනසුරු ග්‍රහයා බාධක ග්‍රහයා වෙනවා.

මිථුන හා කන්‍යා යන ලග්න 2 කට ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයා බාධක ග්‍රහයාය.

සිංහ හා මකර යන ලග්න රාශි 2 කට කුජ හෙවත් අඟහරු ග්‍රහයාද

ධනු හා මීන යන ලග්න රාශි 2 කට බුධ ග්‍රහයා බාධක ග්‍රහයා ද වෙනවා.

කටක ලග්නයට සිකුරු ග්‍රහයාත්, තුලා ලග්නයට රවි ග්‍රහයාත්, වෘශ්චික ලග්නයට චන්ද්‍රයා හෙවත් සඳුත්, කුම්භ ලග්නයට ශූක්‍ර හෙවත් සිකුරු ග්‍රහයාත්,

බාධක ග්‍රහයන් වෙනවා.

එම ග්‍රහයන්ගේ මහ දශා කාලය හෝ අතුරු දශා කාලය තුළ ඔහුට හෝ ඇයට අපල තත්ත්වයන් මෙන්ම බාධා හා විවිධ කාර්යයන්ගේ ප්‍රමාදයන් ඇති විය හැකියි. එසේම ආසන්නව ම ගෙවනු ලබන විදශා කාලය තුළ ද ක්‍රියාත්මක වෙනවා.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.