පොළොව යට සුරකිව තබා ඇති ධන නිධාන මුතු මැණික් ඇතුළු වස්තුවලට අරක්ගෙන සිටින බහිරවයා නොහොත් බහිරව දේවතාවා

ඔක්තෝබර් 25, 2019

පොළොවට අධිගෘහිත ප්‍රධානියා ලෙස නම් ලබා සිටින බහිරව දේවතාවා ආදියේ සිටි මහාධනකුවේරයන් තම ධනය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොළොව යට වළලා ආකර්ෂා සහිතව තබා ඇත.

ඈත අතීත කාලයේ සිටම පොළොවට අධිපති මහා අදෘෂ්‍යමාන බලවේගයක් පවතින බවට විශ්වාස කරමින් ඒ සඳහා පුද පූජා පවත්වමින් යම් යම් සහන ලබාගත් බවට ජනවහරේ පවතින කතාවලින් හෙළිවේ.

පොළොව යට ආරක්ෂාවට තබා ඇති රන්, රිදී, මුතු,මැණික් හා වටිනා කෞතුක භාණ්ඩ මෙම බලවේගය තුළින් ආරක්ෂාකරන බවත් ඒවායේ ප්‍රධානියා බහිරවයා බවත් කියති. පොළොව යට සඟවා ඇති මෙම වස්තුන් හා කියවෙන බොහෝ තොරතුරු නිදන් වදුල්ලෙන් බහිරව දේවතාවාට දී ඇත්තේ අද්විතීය ස්ථානයකි. මහ පොළොව යට සැඟවී ඇති ධන නිධාන, මුතු මැණික්, භව භෝග සම්පත් ආදියේ හිමිකරුවා මෙන්ම ආරක්ෂකයා ලෙසද නම් කර ඇති බහිරවයාගේ පහළවීම පිළිබඳව ආදි ජනකතාවල විවිධ මත රාශියක්ම වෙයි.

පොළොවට අධිගෘහිත ප්‍රධානියා ලෙස නම් ලබා සිටින බහිරව දේවතාවා ආදියේ සිටි මහාධනකුවේරයන් තම ධනය සොර සතුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා පොළොව යට වළලා ආකර්ෂා සහිතව තබා ඇත. එසේ ධනය වළලා ඒ ගැන සිතමින් සිටින විට හදිසියේම මියගියහොත් තම ධනයට ලොල්ව ඒවාට ආසාව උපදවා ඒව ආරක්ෂා කිරීමට එන අදෘෂ්‍යමාන මහා බලවේගයක් යැයිද පිළිගත් මතයක්ද විය. පොළොව යට වළලන ලද මහා ධනස්කන්දය ධන සම්පත් සදාකල් ආරක්ෂාකර ගැනීම සඳහා යම් යම් අවස්ථාවලදී බිල්ලට දෙන අහිංසකයන් එම ධනයට ආශාවෙන් පවතින අදෘෂ්‍යමාන බලවේගයකට පත්ව ඇතැයි ද කියති. එහෙත් බහිරවයා පොළොවට අධිපති බවත් පිළිගැනේ. මුළු පොළොව පුරා පොළොව යට සඟවා ඇති ධන නිධානයන්ට රන්, රිදී , මුතු, මැණික්, දියමන්ති. ආදි ස්වභාවික ධන සම්පත් මෙන්ම සියලුම වස්තුන්ට ද ආරක්ෂකයා මෙන්ම හිමිකරුවා බහිරවයා හෝ වෙනත් බලවේගයක් හෝ ඇතැයි පුරාණ රෝමන්වරුන්ද විශ්වාස කළහ. පොළොව යට වළලා සඟවා ඇති ධන නිධාන හාරා ගැනීමට යාමේදී සිදුව ඇති බොහෝ විනාශකාරි සිද්ධීන් එදා මෙන්ම අදත් බොහෝවිට අසන්නට ලැබෙන සිද්ධීන් වේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.