මිනිසුන් විණ කටින්නෙ ඇයි?

ඔක්තෝබර් 25, 2019

වින කටිනවා කියන්නෙ සරල භාෂාවෙන් ගුප්තවේදය උපයෝගී කරගෙන තවකෙකුට අයහපතක් ළඟා කර වීමයි. විශේෂයෙන් එය අදෘශ්‍යමාන කර අදෘශ්‍යමානව ප්‍රතිඵල ලබා දෙනවා. විණ කැටීමක් සුව කිරීම ඒ අයුරින්ම ඒ කිව්වේ භෞතික ලෙස නොවන අයුරින්ම ක්‍රියාකළ යුතුයි.

අද සමාජයේ බොහෝ දෙනෙක් මේ විණ කැටීම් ගැන එච්චර විශ්වාස කරන්නෙ නැහැ. විණ කැටීමකින් පසු වෛද්‍ය ප්‍රතිකාර වලින් සුව නොවන කොට මේ ගැන තරමක විශ්වාස පවත්වනවා. ඒ අයුරින්ම සුව කළ පසු සම්පූර්ණ විශ්වාසය පවත්වනවා. විශේෂයෙන් මිනිසා වැඩිපුරම විශ්වාස කරන්නෙ පියවි ඇසට පෙනෙන පියවි කනට ඇහෙන දේ විතරයි. ඉන් බැහැරව සිදුවන දේ ගැන විශ්වාසය අඩුයි. ඒ එසේ වුවත් බල්ලෙක් තරම් මිනිසාට ඉව නැති බවත් බළලෙකු තරම් පෙනීමක් නැති බවත් ඔවුන් සපුරා දන්නවා. පුරාණ මිනිසා නම් දියුණු වෛද්‍ය විද්‍යාව සම්බන්ධව පුරා නොදැන සිටියත් අදෘෂ්‍යමාන බොහෝ දේ විශ්වාස කරමින් සිටියා. තාක්ෂණය දියුණු වෙත්ම මෙම ගුප්ත දේ විශ්වාස කිරීම අඩු වුණා. විශේෂයෙන් යක්ෂ – පේ‍්‍රත, ගෙවල සංකල්පය අඩු වුවත් සම්පූර්ණයෙන්ම නැසී ගියේ නැහැ. ගුප්ත ශාස්ත්‍රය උපයෝගී කරගෙන ක්‍රියා විශ්වාස කළත් නැතත් එහි සත්‍යයක් තිබෙන බව ගුප්තවේදියා දන්නවා. ඔහු කළ සමහර ක්‍රියාවල ප්‍රතිඵල ලැබූ නිසයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.