ගුරු-සිකුරු යුද සංග්‍රාමයක

නොවැම්බර් 1, 2019

තමාට ස්වක්ෂේත්‍ර රාශිභවනක් වූ ධනු රාශියෙන් බලවත් වූ ගමනක යෙදී සිටින බ්‍රහස්පති සමඟ ධනු රාශියෙහිම ගමන් ඇරඹූ සිකුරු ග්‍රහයන් අතර ග්‍රහ යුද සංග්‍රාමයක් 2019 නොවැම්බර් 24 වන ඉරුදින රාත්‍රි 7 පසුවී විනාඩි 5 ට කේතුට අයත් මුල නැකතේ දෙවන පාදයේදී සිදුවනු ඇත.

ගුරු, සිකුරු ධනු රාශියෙන් එකම අංශකයක ගමන් කිරීම හේතුවෙන් සිදුවන ග්‍රහ යුද සංග්‍රාමය තුළින් අප රටට ඇති කරන්නාවූ බලපෑම පිළිබඳව විමසා බැලීමේදී අප රට තුළ 2019 නොවැම්බර් 24 වන දිනෙන් පසු මහජන සුබ සිද්ධිය උදෙසා නව නීති පනත් සම්පාදනය වනු ඇත. ව්‍යාපාරික අංශයේ දියුණුවක්ද රටේ ආර්ථික සංවර්ධනයක්ද සිදුවන කාලවකවානුවක් වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන් සිටි පක්ෂයෙන් ඉවත්ව වෙනත් ප්‍රධාන පක්ෂ වෙත මාරුවීම්ද වාර්තාවන කාලයක් වේ. දරු උපත් වැඩි වශයෙන් සිදුවන කාලයක් ද වේ. අධ්‍යාපන කටයුතු වල දියුණුවට ප්‍රගතියට කටයුතු සැලසෙන කාලයකි.

ඡ්‍යොතිෂවේදී-

රේණුක වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.