ඡ්‍යොතිෂය හා ආයුර්වේදය - 1

නොවැම්බර් 1, 2019

වා,පිත්, සෙම් දෝෂ සඳහාද ග්‍රහයෝ අධිපතිතා දක්වති. වාතයට සඳු කිවිද, පිතට රවි කුජද සෙමට ගුරුද අධිපතියෝ වෙත්. බුධ ත්‍රිදෝෂයටම බලපායි. ශනි සියලු වාත රෝගවලට බලපායි.

ආයු වර්ධනය කිරීමේ විද්‍යාව ආයුර්වේදය වේ. ජීවිතය ආලෝකමත් කරගැනීමට, වාසනාවන්ත කර ගැනීමට, මඟ පෙන්වන්නේ, ඡ්‍යොතිෂය යි. මේ දෙ අංශයම එකතුකොට ඡ්‍යොතිෂායුර්වේදය ලෙස සමහරු හඳුන්වති.

බටහිර වෛද්‍ය විද්‍යාව විද්‍යුත් තන්තු (ඇක්ස්රේ) තාක්ෂණ මෙවලම් මගින් මනුෂ්‍යයාට වැළදී ඇති රෝගාබාධ හඳුනාගනිති. මිනිසාට වැළඳී ඇති රෝගාබාධ හඳුනාගැනීමට වෛද්‍ය විද්‍යාව සමත්ව ඇතත් සමහර රෝග හඳුනා ගැනීමට නොහැකිව ඇත. එබඳු රෝගවලට බටහිර වෛද්‍ය විද්‍යාව මුනිවත රකින අතර බුදුදහම එය කර්මජ රෝග වශයෙන් හඳුන්වයි.

ඡ්‍යොතිෂායුර්වේදය මූලික වශයෙන් , මිනිසා පදනම් කරගත්, චිකිත්සක ක්‍රමයකි. සකල ප්‍රාණීන් උදෙසා ද මේ වෛද්‍ය චිකිත්සක ක්‍රමය ක්‍රියාත්මක වේ.

ඡ්‍යොතිෂායුර්වේදයේ රාශි දොළසට ශරීරය වෙන් කර තිබේ. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.