යහපත් ඵල දෙන සඳු, ගුරු, යෝගය

නොවැම්බර් 8, 2019

චන්ද්‍රයා යනු දිව්‍ය මාතාවයි. පෘථිවියේ වාසය කරන්නාවූ සියලු සත්වයන්ගේද ගස්වැල් ආදියේ පමණක් නොව ගල් ,ජලය ආදියේද වෙනස්කම් වීම චන්ද්‍රයා නිසාම සිදුවේ. මනුෂ්‍යයාගේ සිතට අධිපතිය.

ජීවිතය කල් පවත්වා ගැනීම හෝ නොගැනීම රෝග වැලඳීම චන්ද්‍රයා අනුවම සිදුවන්නකි. දරු උප්පත්ති කුස පිළිසිඳ ගැනීම් ඔසප්වීම ආදිය කෙරෙහිද සඳුගේ බලපෑම ඇතිවේ.

චන්ද්‍රයා දිනපතා අඩු වැඩි වන බැවිනුත් ගමන ඉතා සීඝ්‍ර බැවිනුත් වෙනස් වන ගතිය ස්ථිර තත්වයක නොසිටිය හැකි ගතිය සිතේ භය ගතිය සඳුගෙන් සිදුවේ.

ගුරු සෑම දෙයක්ම විශාලකර පතුරුවන ග්‍රහයෙකි. මනුෂ්‍යාගේ වැඩි දියුණුව උසස්වීමට වුවමනා කරන සියලු යහපත් දේට ගුරු බලවත් ය. මනුෂ්‍යයාගේ දියුණුවට වුවමනා කරන අභ්‍යන්තර සහ බාහිර ශරීර වර්ධනය ඇති කිරීමට පි‍්‍රය උපදවන කොතනටත් කාටත් ගැලපෙන සෞමය ගතිය ලෞකික දේ සම්බන්ධ පතළ දැනුම දුකට පත් අයට පිහිටන අනුකම්පා ගතිය විශ්වාසවන්තකම සාමාන්‍ය දැනීම කලබල නොවන වග දියුණුව බලාපොරොත්තුවන ගෞරවය රැකගන්නා ආගම, නීති ගරුකභාවය ආදී උසස් ගුණ ධර්ම ආදියට ගුරු අධිපතිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.