කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන පවත්වනු ලබන නවරාත්‍රී පූජාව

නොවැම්බර් 8, 2019

කන්‍යා රවියේ පුරහඳ මුල්කරගෙන ශක්ති දෙවගණා වූ දුර්ගා දේවිය ප්‍රධාන කොට පවත්වනු ලබන නව රාත්‍රී පූජාව ඊශ්වර දෙවියන් හෙවත් ශිව දෙවියන්ගේ පි‍්‍රය භාර්යාව වූ දුර්ගා දේවිය නොහොත් පාර්වතී ශක්ති අම්මාන් යන නම්වලින් හඳුන්වනු ලබන දුර්ගා දේවිය ප්‍රධාන කොට දින නමයක් පුරා පවත්වනු ලබන විශේෂ පූජාවකි.

මෙම පූජාවේදී සියලු ශාස්ත්‍රයන්ට අධිපති සරස්වති දේවියටත් සම්පතට හා යසඉසුරට අධිපති ලක්ෂ්මී දේවියටත් වීර්යයට හා භක්තියට අධිපති දුර්ගා දේවියටත් පුද පූජා පවත්වමින් නව රාත්‍රී පූජාව සියලු වත්පිළිවෙත් අනුගමනය කරමින් පවත්වති. පළමු දෙවන හා තුන්වන දිනයන් දුර්ගා දේවියටත් ඊළඟ දින තුන ලක්ෂ්මී දේවියටත්, අවසන් දින තුන සරස්වති දේවියටත් වෙන්කොට දින නමයක් පුරා පූජා පවත්වති.

හින්දු බැතිමතුන්ගේ විශේෂ පූජාවක් වු නවරාත්‍රි පූජාව අෂාඩ නම් රාත්‍රි පූජාව ලෙසද හඳුන්වා ඇත. අෂාඩ නවරාත්‍රි පූජාව සඳහා දුර්ගා දේවිය සරසනු ලබන්නේ රක්ත වර්ණයෙන් සහ වර්ණයෙනි. රතු මල්මාලයක් පලතුරු බුලත් හබල පෙති , කිරිබත් පොල්, කට්ට කුමන්ජල් ආදි පූජා භාණ්ඩ ගනු ලබති. ලක්ෂ්මී පූජාව සඳහා හාල් පිටි, ධාන්‍ය වර්ග නමයක්, වී, මුංඇට, උඳු, කවුපි, කඩල , තල,කොල්ලු, මෑකරල් ආදිය ගනු ලබන අතර සරස්වති දේවියගේ පූජාවට මී පැණි, සූකිරි, රටඉඳි, පලතුරු, බුලත්, පොල්කපුරු මල්, සුවඳදුම්, ආදි පූජා භාණ්ඩ ගනු ලබති. ලක්ෂ්මී පූජාව සඳහා පිරිසුදු සෙම්බුවකට පෙරාගත් ජලය පුරවා එයට එංසහල් ,කරාබු නැටි, කපුරු දමා සරස්වති දේවියගේ ඡායාරූපයක් ඉදිරිපිට තබා සුවඳ කට්ට කුමජ්ජල් වලින් දුම් දී සෙම්බුවට කහවතුර ඉස සෝදා තබා රිදී කාසි කීපයක් ද දමනු ලබති. ගණ දෙවියන්ගේ ඡායාරූපයක්ද එම ආසනය මත තබා පිරිසුදු හකුරු, පැණි සහල්, පස්ගෝරස ,කහ ,සඳුන් බුලත්, පලතුරු ද තබා සාම්බ්‍රානිවලින් දුම් අල්ලා හකුරු මිශ්‍ර කිරිබත් ද තබා පූජා පැවැත්වේ.

සියලු ශාස්ත්‍රයට අධිපති දෙවඟණ වූ සරස්වතී දේවියගේ පූජාව සඳහා මී පැණි සූකිරි ,රට ඉඳි හා පලතුරු පස්වර්ගයක්ද බුලත්, සුවඳැති මල් හා මල්මාලයක්ද තබා ඒ අසලම ගණ දෙවියන්ගේ ඡායාරූපයක්ද තබා සුදු හකුරු, පැණි සහල්, පස්ගෝරස , කහ සඳුන්, බුලත් ,රන්රිදී , හකුරු මිශ්‍ර කිරිබතක්ද තබා සුවඳ දුම් දී පූජාව තැබිය යුතුය. මෙම නවරාත්‍රී පූජාව එකිනෙකට වෙන ස් අයුරින්ද කෝවිල්වල පවත්වති. සුවඳින් යුත් මල්මාලා ,නෙළුම් මල්, කැවිලි වර්ග පහක් හෝ නමයක් පලතුරු නම වර්ගයක් අඹ,දොඩම්,අන්නාසි ,කෝලිකුට්ටු , කෙසෙල් වර්ග මෙන්ම කඩල පොරි, උලුදු වඩේද, පැණි මිශ්‍ර කිරි බතක්ද, තැඹිලි ගෙඩියක් ද පොල්ගෙඩියක් බුලත් සමඟ පඩුරුද තබා දුර්ගා දේවියට පුද පූජා පැවැත්වීමද සිදු කෙරේ.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.