ග්‍රහයන් සූර්යයා සමඟ එක්වී කාලගුණ පෙරළියක් සිදුකරයි

නොවැම්බර් 8, 2019

මුල් පිටුව හා සම්බන්ධයි

හිතවත් ඡ්‍යොතිෂඥයකු සමඟ සිදුකෙරුණු සුහද සංවාදයකදී “අපේ රටට කෙසේදැයි?” මා ඔහුගෙන් විමසුවෙමි. ඉදිරි කාලගුණය පිළිබඳව තොරතුරක් දැනගැනීම සඳහා මා ඔහු ඇමතුවද කාලගුණය පිළිබඳව විශේෂ යමක් ඔහුගෙන් දැනගත නොහැකි විය.

එය එසේ වුවද ඔහු මා හට පැවසුවේ, “කාලගුණ අනාවැකි පිළිබඳව කලෙක සිට පර්යේෂණ කරන නිසා, අපටත් වඩා ඒ ගැන දන්නේ ඔබතුමා බැවින්, දන්නා දෙයක් ඇත්නම් පවසන්න” යයි කීවිට මා ඔහුට” ග්‍රහයින් දෙතුන් දෙනෙක් මේ දිනවල සූර්යයාට ළංවෙමින් පවතින නිසා ඉදිරි කාලයේ ලෝකය පුරා මහ කාලගුණ පෙරළියක් සිදුවේවි යයි මා විශ්වාස කරනවා” යයි පැවසුවෙන් “ඔව් , ඔව් අනුර මහත්තයෝ, රවිත් එක්ක බුධ, සිකුරු, අඟහරු එකට ළංව පිහිටීම අපේ රටටත් ඒ එක්කම කාලගුණයටත් බලපාවි කියා මාත් කියනවා” යයි පිළිතුරු දුනි. මේ වන විට සායන ක්‍රමයට හෙවත් තාරකා විද්‍යානුකූලවත් ජුලි 23 සිට අගෝස්තු 22 දක්වා සූර්යයා කටක රාශිය තුළ පිහිටි අතර එහිම බුධ ග්‍රහයාත්, අඟහරු ග්‍රහයාත් එමෙන්ම සිකුරු ග්‍රහයා අසල්වැසි , මිථුන රාශිය” තුළත් දක්නට ලැබුණි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.