සූනියම්, අංගම්, පිල්ලි ගැන දැනගනිමු

නොවැම්බර් 8, 2019

භූත විද්‍යාවේ හොඳ ගැනම කතා කරනවා මෙන්ම අති බිහිසුණු නරක පැතිකඩ ගැනද කතා කළ යුතු වෙයි. මා අද සටහන් කරනුයේ භූත විද්‍යාවේ අෂ්ඨ කර්මවලට අයත් මාරණ, උච්චාටන, විද්වේශන, ස්ථම්බන යන අතිබිහිසුණු කර්මයන්ට අයත් මිනිසාට හානිකරන දේ ගැනයි.

මෙයින් පළමුව සූනියම් ගැන සටහනක් කරමි. මෙම සූනියම් යනු යමෙක් යම් දෙයක් නැති භංග කිරීම එනම් ශුන්‍ය කිරීම යන අර්තය ගෙන දෙයි. මෙය යමෙකුට යම් දෙයකට සුළු හෝ අති දරුණු හානි පැමිණවිය හැකි ය. මරණය රෝබිය, දේපල පාලු, ධනය, ගව මහීෂාදී අඹු දරු පවා හානි සිදුකරලයි.

මෙම සූනියම් සඳහා කැපවුන වෙනම විශේෂ අසුරයන් යක්ෂ, භූත කොට්ඨාස සම්මත හා අසම්මත ලෙස ඇත. එයින් සම්මත ලෙසට, ඕඩ්ඩිෂ, කඩවර, රීරි මහසෝන්, කම්බිලි, සන්නි වැනි යක්ෂයින්ද, සොහොඹ කාලි වැනි යක්ෂණියන්ද තවත් බොහෝ මෙවැනිම බලවේග ඇත. මෙම කර්මයන් සඳහා පැලඳීමට අවශ්‍ය ද්‍රව්‍ය ලෙස මිනී ඔලු හා ඇට කැබලි, මිනී අළු, ගෙරිපස්, මිනී තෙල්, ඌරු තෙල්, ඉබි කටු, පාලු දේවාලවල ඇති හක්ගෙඩි, ත්‍රිශූල, ඩෝබිගල් වැනි කියු නොකියූ බොහෝ දේ ගනියි. මෙවැනි වූ පාපකාරී සූනියම් බොහෝ ඇත. එයින් ප්‍රධාන බහුලව කරනා සූනියම් 25 ක් ඇත. ඒවා මෙසේ වෙයි.

මරලු පැන්නුම - මෙය කළ පසු, මානසික රෝග ඇති කරයි. විකාර දොඩවයි. අශිලාචාර වචන තැන නොතැන නොබලා කියවයි. ශරීරය පුරාවට දාහය පිච්චෙන ගතිය ඇතිකරයි. නිතර ඝෝෂාකරයි. හඬයි, ජලය සොයා දිවයයි. ශරීරය සන්ධි, අස්ථි අක්‍රිය කරයි. මරණය බලගැති බොහෝ රජවරුන්ට අතීතය මෙවැනි දේ කර ඇත.

මහ සොහොන් ගිනි මරලුව - මෙයින් ගම්වාසීන්ට ලෙඩ රෝග සෑදී මරණය ඇති කර ගම්, දනව් පාළුවෙයි.

රීරි දළ වටය - මෙය දළරීරිවටය කියාද වෙයි. යකා වැඩියෙන්ම නිතර උණ ලෙඩ රෝග ඇතිකර අවසන මරණයයි. ඖෂධ නො අසයි.

රීරි කුප්පෙ - මියයනතුරුම ලෙඩවීම රෝගය හඳුනා නොගැනෙයි.

බඹ දිෂ්ටිය - රීරියක්ෂ අවතාරය මහා දහවලද දකියි අවසන මරණය.

මේඝ පාතාල ඔඩ්ඩි දැහැන - සිහිසුන්ව ඇදවැටී ලේ වමනය වී එවෙලෙම මියයයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.