රසකාමී සිකුරු මකර රාශි ගතවෙයි

නොවැම්බර් 15, 2019

මකර, කුම්භ, වෘෂභ, තුලා, භාග්‍ය උදා වේ.

මකර රාශිය, මකර නවාංශකය, උතුරුසල නැකත දෙක පාදය ද වෙශී වොශී, උභයචාරී, අමල බුධ ආධිත්‍යය සකට සදා සංචාර, ගුරු ශනි යෝග රැසක් ද සමඟින් අඟහරු හිමි මේෂ රාශිය උදාවේ. දෙසැම්බර් 15 රිවිදින පස්වරු 05.59 ට රසකාමී සිකුරු ග්‍රහයා මකර රාශියට සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ ය.

මකර, කුම්භ, වෘෂභ, තුලා රාශි ජම්ම ලාභී දරු දැරියන් අනාගතයෙහි දී දෙස් විදෙස් උසස් අධ්‍යාපනය වාග් චතුර්යය, විවිධ ශිල්ප කලා ප්‍රවීණතාවය, ලේඛණ කලා සාගරයෙහි ප්‍රවීණයන් විශාරද විචාරකයන් කලාකාමී පැතිකඩෙන් රාජ පූජිත සම්මානලාභීන් කෙරෙණා අතිප්‍රබල ග්‍රහචාරයෙක තත්කාලීන මේෂ රාශි උදාවට අනුකූලව ශ්‍රී ලාංකේය නිදහස් කුම්භ රාශි සටනට සමගාමීව අතිශය විශිෂ්ටව ධනය, බලය, තේජස, වික්‍රමය රාජ්‍ය තාන්ත්‍රිකයනට මෙන්ම සමස්ත පුරවැසි ජනතාව කෙරෙහිම උදා කෙරෙයි.

පක්ෂ විපක්ෂ භේදභින්නකම් දුරස්ථව ශ්‍රී ලාංකේය ජනරජ පාර්ලිමේන්තුව දැවැන්න යෝධ සංවර්ධන අධිවේගී සැළසුම් ක්‍රමවේදයන් යෝජනා ස්ථිරත්වයෙන් කෙටුම්පත් කෙරෙනු ඇත. දෙස් විදෙස් සංචාරකයනට සුවිශේෂී වාතාවරණයක් සමඟ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙයි. මැණික් ලාභ, අගනා මැණික් විදෙස් ආනයනය, නිර්මාණශීලී ආකර්ශනීය ලලිත කලා භාණ්ඩ සඳහා ශුභවාදී ආර්ථිකයකට අපනයනය විජයග්‍රහණයක් සඳහා රාජානුග්‍රහය මතු කෙරෙයි. සමෘද්ධිය සෞභාග්‍යය උදා කෙරෙණ, අසිරිමත් ග්‍රහ සුසංයෝග සම්බන්ධීකරණයක් රැකියා ආදායම් මාර්ග උත්පාදනයකට සිකුරු මකරෙට සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකාවාසී සමස්ත පුරවැසි ජනතාවට ප්‍රශස්ත ග්‍රහ මාරුවකැයි සඳහන් කළ හැක. චිරං ජයතු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.