ගුරු ග්‍රහයා ගෙන් යෙදෙන ග්‍රහයෝග

නොවැම්බර් 29, 2019

ගුරු ග්‍රහයා මීන රාශි ගතව සිටීමෙන් භූමිපාල යෝගය යෙදෙයි. මෙකී යෝගය 2,55,9,11 යන භාවයක යෙදි ගුරු මහ දශාවක් හෝ අන්තර් දශාවක් ලැබු කල ජන්මියා ගේ අතමිට සරු වී ජීවන තත්ත්වය උසස් වේ.

සප්ත ග්‍රහයන් අතරින් ශුභඵල උදාකරන ප්‍රධානම ග්‍රහයා වන්නේ ගුරු ය. ගුරු සෞම්‍ය ග්‍රහයෙකි. ගුරු ග්‍රහයාට හිමි වර්ණය කහ වේ. හිමි දිශාව ඊසාන වේ. හිමි ලෝහය රත්‍රං වන අතර මැණික පුෂ්පරාගය වේ. ගුරුට හිමි වෘක්ෂය බෝ වන අතර දේවතාව ශක්‍ර වේ. ගුරුගේ වාහනය ඇතා වේ. හිමි ගුණය සාත්මික වේ. මෙකී ගුණාංගයන්ගෙන් යුත් ගුරු ග්‍රහයා කටක රාශියේ අංශක 5 දී උච්ච බල ලබයි. ධනු රාශියෙන් මුල් අංශක 10 ඇතුළදී මුල ත්‍රිකෝණ බලය ලබා ගන්නා ගුරු අවසන් අංශක 20 තුළදි ස්වක්ෂේත්‍ර බලය ලබා ගනියි. මීන රාශිය ගුරුගේ ස්වක්ෂේත්‍ර රැසයි. මේෂ, සිංහ, වෘශ්චික රාශින් ගුරුට මිතුරු රාශින් වෙති. කුම්භය ගුරුට සම රැසකි. වෘෂභ, මිථුන, කන්‍යා, තුලා රාශින් ගුරුට සතුරු රාශින් වෙයි. මකරය ගුරුට නීච රැසකි. මකරයේ 5 වෙනි අංශකයෙදි ගුරු අතිනීච වෙයි. ගුරුට රවි, චන්ද්‍ර කුජ කේතු යන ග්‍රහයන් මිත්‍රග්‍රහයන් වෙති. සෙනසුරු ගුරුට සම ග්‍රහයෙකි. බුධ, ශුක්‍ර ගුරුට සතුරු ග්‍රහයන් වෙති. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.