රජ වෙන්න රාජ යෝග අවශ්‍යමද?

දෙසැම්බර් 20, 2019

උපතින් යම් අයෙකුගේ කේන්ද්‍රයේ දශවැන්නේ බල සහිතව ගුරු, සිකුරු, පුර සඳු ආදී සෞම්‍ය ග්‍රහයෙක් යෙදී ඇත්නම් සමාජය තුළ අනාගතයේ ඉතා ප්‍රසිද්ධ ජනහිතකාමී ප්‍රභූවරයෙක් වීමේ  ග්‍රහ යෙදුමකි.

රාජ යෝග කෙසේ වෙතත් ග්‍රහ බලය තිබිය යුතු ය. අද දුප්පතා හෙට ධනපතියෙක් වෙන්නේද උපන් ග්‍රහ බලය අනුවයි. අද ධනවතා හෙට යාචකයෙක් වන්නේ ද ග්‍රහ බලය අනුවයි. ග්‍රහයන්ගේ බැබළීම යන අරුත ගෙන දෙන්නා වූ ඡ්‍යොතිෂයේ හරය එලෙස වන්නේ ය. එසේ නම් රජවීම පසු පස ග්‍රහ බලයද තිබිය යුතු ය.

අන්ත අසරණ දිළිඳු පවුලක සුබ යෝග බල ග්‍රහ පිහිටීම් ඇතිව වාසනාවන්ත දරුවකු උපත ලැබුවේ නම් එම සුබ ග්‍රහ බල අනුව එම පවුලට වාසනාව උදා වේ. නිසි කලට සුබ ග්‍රහ දශාවන් ලැබූ විට රට තුළ ප්‍රසිද්ධ ප්‍රභූවරයෙක් වීමටද බැරි නැත. එසේම ධනවත් සුපිරි පවුලක උපත ලද දරුවකුගේ උපන් මොහොතේ කේන්ද්‍රයේ 4, 10 යන භාවයන් ඉතා දුර්වල තත්ත්වයෙන් පවතී නම් එය ඉතා අවාසනාවන්ත පිහිටීමකි. සිව් වැන්නේ 12 වැන්න අධිපතියා සමඟ රාහු යෙදී ඇත්නම් නඩු හබයකින් දෙමාපියන්ගේ ධනය විනාශ වී යන්නේ ය. රජ වී සිටියත් සියලු දේ අහිමි වී යන්නේ ය. තමන්ගේ උසස් රැකියාවන් පදවි නිලතල අහිමි වී යන්නේ ය. සතුරු බලපෑම් ඉතා තදින් ඇති වී යටත්වීමට පවා සිදුවේ. මේ අනුව යම් අයෙකුට රජෙක් හා සමානව ජීවත්වීමේ වාසනාව හිටි අඩියේ විනාශ වෙන ග්‍රහ බලද ඇත. උපතින් ගෙනෙන රාජ යෝගය අතරම එය කාලයකදී විනාශවන යෝගද ඇත. උපතින් රාජ යෝග යෙදී නොතිබුණත් කාලයකදී කීර්තිය ධනය ගෙනෙන යෝග සෙනසුරුගෙන් හා ගුරුගෙන් යෙදෙන අවස්ථා ඇත. සෙනසුරු තුන්වැන්න අධිපතියා වී ලග්න ඒරාෂ්ඨකයක් ගෙවා තුන්වැන්නට සම්ප්‍රාප්ත වන කාලයක් ළං වීමෙන් හදිසි රාජ යෝගයක් යෙදේ. එහි සත්‍යතාවය දැනට පැහැදිලි වී ඇත. නව ජනාධිපතිතුමාගේ එය සිදු වී ඇත. සෙනසුරු උපතින් දශවැන්නේ සිංහ රාශියේ යෙදීමත් ගෝචරයෙන් සෙනසුරු ගුරු දෙවැන්නේ ධනුවේ ගමන් කිරීමත් බලවත් ග්‍රහ යෙදුමකි. 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.