නත්තලේ අසිරිය ලොවට කියාපාන චාරිත්‍ර හා සංකේත

දෙසැම්බර් 20, 2019

කිතුණු බැතිමතුන්ගේ ශාස්තෘවරයාණන් වූ සාමයේ පණිවිඩය ගෙන ලොවට පහළ වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් වූ ජේසු ස්වාමි දරුවන්ගේ උප්පත්තිය සිහිපත් කරමින් නත්තල් උත්සවය ලොව පුරා මහත් උත්කර්ෂවත් අන්දමින් පවත්වති.

දේව මෙහෙයන්ට හා සාමූහිකත්වයට මුල්තැන දෙමින් පවත්වනු ලබන නත්තල් උත්සවය දරු දැරියන්ට විශේෂයක් වන්නේ නත්තල් සීයාගේ පැමිණීම බලාපොරොත්තුවන බැවිනි. සැන්ටර්ක්ලෝස් නමින් හඳුන්වන නත්තල් සීයා ඉදිරිපත්වූයේ තුර්කියෙනි. ළමා ළපටින් තෑගි භෝග දි සතුටු කිරීමේ සිරිතක් තුර්කියේ විසූ ශාන්ත නිකලස් තුමා විසින් ආරම්භ කිරීමෙන් පසු එය ලොව පුරා පැතිර ගියේ නත්තල් සීයා නමිනි. සෑම කිතුණු භක්තිකයෙකුම නත්තල් දින මධ්‍යම රාත්‍රි පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගි වී පසුව ඔවුනොවුන්ට සුබ පතමින් නත්තල් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකිරීමට පියවර ගනිති. ජේසු බිළිඳුන්ගේ උපන්දිනය සමරන උතුම් දිනයක් වන නත්තල හඳුන්වන්නේ සාමය හා සතුට සියල්ලන් තුළ පැතිරවීමේ දිනය ලෙසයි.

නත්තල් කාඩ්පත එකල අද මෙන් තැපැල් පහසුකම් නොතිබූ බැවින් ඊජිප්තු වැසියන් ඔබට සුබ නත්තලක් වේවා යැයි මැටි පුවරු වල සහ ගල්වල කොටා තම නෑදෑ හිතමිතුරන්ට යවා ඇත. පසුව නත්තල්පත ක්‍රමවත් ලෙස සකස් කොට යවා ඇත්තේ 1843 දී එංගලන්තයේදීය. එහෙත් ඇමරිකාවේ නත්තල් පත සකස්වී ඇත්තේ වෙනත් ආකාරයකටය. එය 1874 දී මුද්‍රණය කර ඇත්තේ ජර්මන් ජාතික ලුවිස් ඇන්ක් විසිනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.