ඔබේ කේන්දරයේ ත්‍රිග්‍රහ යෝග තිබේද?

ජනවාරි 17, 2020

රවි - චන්ද්‍ර –ශනි
බිය සැක නැත ධනවත් වේ. බලය ශක්තිය තේජස පතුරවයි. කිසිවෙකුට ගරු සරු නැත. අහංකාර කමක්ද ඇත. ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ. කෝටිපතියන්ද සිටී. නරකට හිටීනම් මෙහි අනෙක් පැත්තයි.


එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටීම සංයෝගයකි. එක රාශියක ග්‍රහයින් දෙදෙනෙකු සිටියත් අංශක 28 කට දුරින් විය හැකියි. එවැනි පිහිටීමකදී නියම ඵලහීනයි. සංයෝග ඵලවලද ශුභ අශුභ යෙදේ. ඒවා කේන්ද්‍රයේ තැන් හා රාශි අනුව වෙනස් වේ. එවැනි ග්‍රහ යෝග පිළිබඳව සියුම්ව ගැඹුරින් පරික්ෂා කර බැලිය යුතුවේ. පළමුව ත්‍රිග්‍රහ යෝග ගැන බලමු.
රවි – චන්ද්‍ර + කුජ මේ ග්‍රහයින් තිදෙනාම බලවත්ව පිහිටියේ නම් බලය වැඩිය. සතුරු පරාජය කරයි. මොහුට සතුරු වීම අනිකාගේ නියත මරණයයි. යුක්ති ගරුකයි. එහෙත් වහා කිපෙයි. දුර්වල නම් නිතර කලකෝලාහලයන්ට පටලැවේ.
රවි – චන්ද්‍ර - බුධ ප්‍රඥාගෝචර වේ. ස්ථානෝචිත බුද්ධි පරාසයකින් යුතුව ක්‍රියාකරයි. ප්‍රකට පුද්ගල චරිතයකි. සුවවීනම් ඉතාම යහපත් ලෞකිකමය ජීවිතයක් ගත කරයි. දුර්වල වී නම් රෝගවලින් පීඩාවට පත්වේ.
රවි +චන්ද්‍ර + ගුරු
උසස් චරිතයකි. දක්ෂ වේ. පංච මහා සම්පත්තියම හිමි වේ. සුබව සිටීමෙන් අසුබ නැත්නම් පීඩා විඳි දුක්ඛ දෝමනස්සයන්ට නිතර ගොදුරු වේ.
රවි - චන්ද්‍ර – ශුක්‍ර
ත්‍රියෝගය ඉතාම සුබයි. මෙලොව සැප සම්පත් හිමිවේ. කාමය අධිකයි. සිරුර හීනවීමට මාන බලයි. සඳු +ශුක්‍ර මහා කාම යෝගයක් නිර්මාණය කරයි. නිරෝගීය ලග්නයේ නම් කැපී පෙනෙන සිරුරකි. ප්‍රසන්නය.
රවි - චන්ද්‍ර –ශනි
බිය සැක නැත ධනවත් වේ. බලය ශක්තිය තේජස පතුරවයි. කිසිවෙකුට ගරු සරු නැත. අහංකාර කමක්ද ඇත. ප්‍රසිද්ධ පුද්ගලයෙක් වේ. කෝටිපතියන්ද සිටී. නරකට හිටීනම් මෙහි අනෙක් පැත්තයි.
රවි – කුජ – බුධ
බලයට කෑදරයි. අධික ලෙස උද්දාම වෙයි. අහංකාරයි. දඩබ්බරයි. බුද්ධිමත් වූවන් වැඩක් නැත.තලා පෙලා අන්‍යයන් ගෙන් වැඩ ගනී. වැඩි පිරිසක් මොහු සමඟ තරහ වන්නේය.
රවි – කුජ – ගුරු
ඉතාම යහපත් ප්‍රබල පිහිටීමකි. විශාල ලෙස ධනය ලබයි. ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වේ. අන්ධ භක්තියෙක් නොවේ. යථාර්ථවාදියෙකි. අසුබ වුවහොත් අයහපත් චරිතයක් වේ.
රවි කුජ ශුක්‍ර
මේ ත්‍රියෝගය ලග්නයේ හෝ දෙපැත්තේ එකක නම් අක්ෂි ව්‍යාධි හටගනී. ශරීර ශක්තිය බලය වැඩියි. අධික කාමයට නැඹුරුවේ. නරක මඟකට නොවැටී බේරෙන්නේ ඉතාම

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.