පේ‍්‍රතයෝ කොහෙද ඉන්නේ

ජනවාරි 31, 2020

පේ‍්‍රත ඇදහිල්ලත් ඔහොම තමයි. පේ‍්‍රතයා කියන්නෙ පුදුමාකාර ස්වරූපයක් ඇති පුදුමාකාර ජීවියෙක්. ඔබ අහල ඇති “ඇමීබා” කියන ඒක ශෛලික සතා. ඌ වරින් වර ශරීර ස්වරූපය වෙනස් කරනවා. බුද්ධ ධර්මයේ සඳහන් වනවා” සිත නැති කය ඇති බඹලොව සතරෙකි” කියලා.

පේ‍්‍රතයෝ ඉන්න තැන අහන එක කෙසේ වෙතත් පේ‍්‍රතයෝ කියල කොටසක් මේ විශ්වයේ ඉන්නවද කියලත් සමහරු සැකකරනවා. වාද විවාද, ගුප්ත ශාස්ත්‍ර වැඩසටහන් වලට ගියාම පේ‍්‍රතයෝ ගෙන්වන්න බොහෝ අය සාකච්ඡා කරනවා.

පේ‍්‍රතයෝ පුදුමාකාර ස්වරූපයකින් ඉන්න ජීව කොටසක්. පේ‍්‍රතයන්ට ප්‍රාණය තිබෙනවද? ඊළඟට මතුවන ප්‍රශ්නයක්. එහෙනම් ස්වරූපය මොකක්ද, කුමක් වගේද? මේ වගේ ප්‍රශ්න වලට උත්තර දීම ලෙහෙසි නැහැ. අපි වටා වේගයෙන් භ්‍රමනය වන ග්‍රහයෝ මොනවගේ ස්වරූපයකද අහනවා, වගේ තමයි මේ ප්‍රශ්නයත්, ග්‍රහයෝ නම් බලශක්ති විශේෂයක් බව දැන් වර්තමානව අපි දන්නවා. ඉර – හඳ– බුධ කියල ජීවමාන ග්‍රහයෝ නොවන බවත් ඒවා ග්‍රහලෝක බවත් බලශක්තිය ඇති බවත් අපි අවබෝධ කරගෙන අවසානයි. නමුත් අපේ කේන්දරයෙහි පලාඵල කියනකොට කලින් කිවූ ග්‍රහ කිරණ නැවත ග්‍රහයෝ කියල වාචිකව පැහැදිලි කලාම තමයි පලාඵල වැටහෙන්නේ. ඒ අපි පුරුදු වූ හැටි. ඔය පුරුදු වෙනස් කරන එක එච්චර ලෙහෙසි නැහැ.

බස්නාහිර දිසාවත් අන් දිසාවත් වගේ එක්තරා තවත් දිශාවක් කිව්වට සුබ කටයුතු වලදී බටහිර දිශාව පිළිකුල් කරනවා. ඒකේ අර්ථයක් නැතුව නොවේ. ඡ්‍යොතිෂයේ විශේෂයෙන් නැකැත් ගන්න කොට මේ දිශාවන් හරියට බලපානවා . මේ දිශාවන් ගැන සාමාන්‍ය අයට එච්චර වැටහීමක් නැහැ. සුබ කටයුතු සාමාන්‍යයෙන් බටහිරට මුහුණ දා නොකළාට මුදල්, වස්තු සම්භාරය තැන්පත් කරන්නේ බටහිර දිශාව බලාගෙන, බටහිර දිශාව සමත් වන්නේ ගබඩා කිරීමට බව අද දැනගන්නකෝ. නිරිත නොවෙයි. නිරිත කිව්වේ ඊසාන දිශාවේ ශප්තම්දෘෂ්ඨි කාරකයා. ඔබ දන්නවා මල කෙනෙකුගේ සිරස බටහිරටයි තබන්නේ. මේක විද්‍යා මතයක් නොවේ. පැරණි චාරිත්‍රයක්. ඒ පැරණි චාරිත්‍රයේ විද්‍යා මතයක් තිබෙනවා. ඉස්සර කාලේ මැරුණා යයි කිව් කොපමණ මිනී නැවත ඇස් ඇරියද? විශේෂයෙන් සර්පයෝ කාලා සිහිමුර්ජා වුනු මරණ. පුරාණ කාලයේ වැඩිපුරම මළ මිනි තැන්පත් කළේ රුක්අත්තන ලෑලි වලින් නිමකළ පෙට්ටිවල. ඔය සර්පයෝ කාලා සිහි මුර්ජා උනාම මැරුණා කියල හිතාගෙන එම පෙට්ටිවල දමලා වළ දමන්න සූදානම් කරනවා. රුක්අත්තන වලට විස අදින ගතියක් පවතින නිසා නැවත පන එනවා. බස්නාහිරට තැබූ මිනීවල නින්ද ගබඩා වන ගතියක් ඇති නිසා. පණ ආවත් කාලීනව ඇහැ හරින්නෙ නැති ගතියක් පැවතුණා. ඒ දිනවල පශ්චාත් මරණ පරීක්ෂණ තිබුණෙ ඉතාම කලාතුරකිනි. එහෙනම් අපි මුදල් සේප්පු බටහිරට තැබුවොත් වියදම අඩුවේවිද, ඇයි බටහිරට තැබුවාම ගබඩා වනව කිව්වනේ. ඔන්න තවත් ප්‍රශ්නයක්. ඇත්ත තමයි. මුදල් සේප්පුවල තැන්පත් කරන්න ඕනේ බටහිර දිශාව බලාගෙන තමයි. ඕනෑම දිශාවක්. බලාගෙන මුදල් හම්බකරන්න හැබැයි ඒවා ගබඩා කරන්න ඕනෑ . බටහිර බලාගෙන බව අමතකර කරන්න එපා. ඔබ අත්හදා බලන්න. ගුප්ත විද්‍යාව කියන්නෙ ඒකයි. ඔබට ඒක බලාගන්න ඕනෑම නම් දින කීපයක් බටහිරට සිරස දමල නිදන්න. ඔබ අලුයම අවදිවන විට වෙනදට වඩා ප්‍රමාදවෙලා ඇති. ඒ නින්ද ගබඩා වූ නිසා එහෙම නැතුව බටහිර

 

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.