ජීවිතය ජීවත් කරවන බලවත් ග්‍රහයෝග

පෙබරවාරි 7, 2020

ඕනෑම ජන්මියෙකු මෙලොව උපත ලබන මොහොතේදී ග්‍රහයන් බලවත්ව සිටීමත්, බලවත් ග්‍රහයන් කීපදෙනෙකු යෝගවී සිටීමත් නිසා විශේෂ සුබඵල ගෙන දෙන අවස්ථාවන් ඇතිවනු ඇත.

එමෙන්ම පරිහානිය කරා ගෙන යන අශුභ යෝගයන්ද ඇතිවනු ඇත. මෙම යෝගයන් ක්‍රියාත්මක වීම ජීවිතය පවතින තෙක්ම සිදුනොවන අතර එක්තරා කාලසීමාවකදී ක්‍රියාත්මක වී එහි බලය ගුණය පෙන්වනු ඇති අතර එම යෝගයට මුල් වූ ග්‍රහයාගේ හෝ ග්‍රහයන්ගේ මහදශා අතුරු දශා කාලයන්හිදී යෝගයේ පලදීම සිදුවනු ඇත.

විශේෂ සුබඵල දෙන යෝග අතර, ධන යෝග වාහන ලබාදෙන යෝග, ප්‍රභූ යෝග වැනි විවිධ යෝගයන් පෙන්නුම් කරනු ඇත. රවි ග්‍රහයා උච්චව සිටීමෙන් මයුරපාල යෝගය යෙදෙන අතර රජයේ උසස් තනතුරු, පෞරුෂයේ වර්ධනය, ඍජු බව, මෙන්ම සැප සම්පත් මෙම යෝගය තුළින් උදාකරදෙනු ලබයි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.