පත්තිනි දේවියගේ වරමින් දේවගණයට පත් වූ වලියක් දෙවියෝ

පෙබරවාරි 7, 2020

කොහොඹා කංකාරියට අයත් දෙවියන්ගෙන් ඉතාම බලසම්පන්න දෙවියන් තිදෙනා වන්නේ වලියකුන් ය. වලියකුන් තිදෙනා විජය මෙහි පැමිණීමටත් පෙරසිටම සිටි රාජකුමාරවරුන් තිදෙනෙකි. මේ තිදෙනා රාජගුරුන් වෙත ගොස් අකුරු කරවා ආපසු එන ගමනේ දී පත්තිනි දේවිය හා පාළඟ සිටිනු දුටුවේ ය. පාළඟ අඹගසකට නැගී සිටිය අතර පත්තිනි දේවිය කෙක්කකින් අඹ කඩමින් සිට ඇත.

එහිදී පත්තිනි දේවිය අත තිබූ කෙක්ක පාළඟ අත තිබූ කෙක්කෙහි ඇමනී බේරාගැනීමට නොහැකිව සිටියේ ය. මේ අතර මඟ එන කුමරුවන් තිදෙනා දුටු පත්තිනි දේවිය මෙහි විත් මෙය ඇදගැනීමට උදව් කරන ලෙසකීය. එවිට එතැනට පැමිණි කුමාරවරුන් තිදෙනා එකවලියටම කෙක්ක ඇද්දේ ය. ඉන් පාලඟගේ කෙක්ක කැඩීගියේ ය. ඒ දුටු පත්තිනි දේවිය වලියට යකුන්යැයි කියා කුමරුවන් තිදෙනාට වරම්දෙවා දේවගණයට ඇතුළත් කරගනු ලැබූ බව කොහොඹා කංකාරියේ සඳහනි.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.