වාසනාව සෞභාග්‍ය හා යහගුණ වඩන මහා ශිව රාත්‍රිය

පෙබරවාරි 21, 2020

සෑම වසරකම නවම් මාසයට යෙදෙන මහා ශිව රාත්‍රි උපවාසයේ නිරත වීමෙන් වාසනාව සෞභාග්‍ය හා යහගුණය ඇතිවන බව හින්දු භක්තිකයන්ගේ දැඩි විශ්වාසයයි. කෝවිල් මුල්කරගෙන පැවැත්වෙන මෙම ශිව රාත්‍රි පූජාව පිළිබඳ දේවකථා බොහොමයක්ම ඇත.

කෝවිල්වලට අමතරව නිවෙස්වල ද දේව රූප වර්ණවත් කරමින් පූජා පවත්වති. මෙසේ ශිව රාත්‍රි දේව පූජාවේ නිරත වීමෙන් තම තමන් සළකනු ලබන්නේ ශිව දෙවියා ලෝකයේ ඉහළම තැනක වැජඹෙන දෙවියා නිසා ලෝකයේ යහපත සඳහා උපවාසයේ නිරත වීමෙන් සියලු සම්පත් උදාවන බවයි.

ශිව රාත්‍රී උපවාස දිනයේදී එය රැකීම සඳහා එදින හිමිදිරියේම අවදි වේ. එසේ අවදි වී සිතේ සතුට, පී‍්‍රතිය ඇති කරගෙන තම තමන් අවට අසල්වැසියන්ද එක්කරගෙන ශිව රාත්‍රිය යහපත් ලෙස ගත කිරීමට අවශ්‍ය පරිදි සිත යොමු කොට ධාන්‍ය උපදවා ගැනීම සඳහා සියල්ලන්ම උනන්දු කරවා ගනී. ස්නානය කර පිරිසුදුව උපවාසය ආරම්භ කිරීමට කටයුතු කෙරේ. එහිදී ඔවුන් සැම ශිව දෙවියන් ගැනම සිතා භාවනා වේ නිරත වේ. ශිව දෙවි පූජා කරන අය ශිව දෙවි කෝවිල්වලට ගොස් ශිව දෙවි පූජාවේ නිරත වෙති. ශිව දෙවි උපවාසයේදි සිදු කරනු ලබන පූජාවේදී ශිව දෙවි ස්තෝත්‍ර මෙන්ම යාගහෝමා ද සිදු කෙරේ. ශිව පූජාවේදි පූජා භාණ්ඩ සූදානම් කර ශිව ලිංගය කිරිවලින් දෝවනය කරයි. එමෙන්ම ශිව රාත්‍රිය කොටස් තුනකින් පැවැත්වේ. එනම් උත්තම ශිව රාත්‍රිය මධ්‍යම ශිව රාත්‍රිය හා අදම ශිව රාත්‍රිය යන්නයි.

මහා ශිව රාත්‍රිය හා බැඳුණු දේව කථා බොහොමයකි. ඈත අතීතයේ එක් දවසක බ්‍රහ්මා හා විෂ්ණු දෙවියන් අතර ලොව ප්‍රබල බලවත්ම තැනැත්තා කවුරුන්ද යන්න සෙවීම සඳහා මතභේදයක් ඇතිවිය . ලෝකය නිර්මාණය කළේ තමා බැවින් ලොව බලවතා තමා බව බ්‍රහ්මා කියා සිටියේය. විෂ්ණු දෙවියන් ඊට විරුද්ධ වෙමින් ලොව පැවැත්ම ආරක්ෂා කරන තමා ලෝකයේ බලවතා බව ප්‍රකාශ කළේය. දෙදෙනා අතර එකිනෙක විරුද්ධව මෙසේ පැවැති වාග්යුද්ධයෙහි යථාර්ථය තේරුම් කරගෙන සිතෙහි තබාගත් ශිව දෙවියන් බ්‍රහ්මා සහ විෂ්ණු දෙවියන් ඉදිරියේ පෙනී සිටියේය. ඒ මහා ගින්නක් සේය. එවිට එම ස්ථානයට පැමිණි නාරද මුණිවරයා මෙම ගින්නෙහි අග මුල සොය ගන්නා අය ලෝකයේ ප්‍රබලයා යැයි විෂ්ණු සහ බ්‍රහ්මා යන දෙවිවරුන් ඉදිරියේ ප්‍රකාශ කළේය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.